×

කොරෝනා නිසා ඇමරිකාව ASEAN සමුළුව කල් තබයි

,


 

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ASEAN විශේෂිත සමුළුවක් මෙම වසරේ මාර්තු මස ලාස් වේගාස් හීදී පැවැත්වීමට තීරණය වී තිබුණු අතර ඒ සදහා සත්කාරක රට වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. මේ වන විට සීග්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසය හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරණය කර ඇත.

“කොරෝනා වයිරස් නවකතාව පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කරන අතර, එක්සත් ජනපදය, ආසියාන් හවුල්කරුවන් සමඟ සාකච්ඡා කර, මාර්තු මැද භාගයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියාන් නායකයින්ගේ රැස්වීම කල් දැමීමේ අසීරු තීරණය ගෙන තිබේ,” ධවල මන්දිර ජ්‍යෝෂ්ඨ නිලධාරියෙක් එන්බීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.

ඇමරිකාව තුළ කොරෝනා ආසාධිතයින් වාර්ථාවීම ආරම්භ වීමත් සමග ඇමරිකානු කොටස් වෙළඳපළ පහත වැටීම ආරම්භ වී ඇති අතර 2008 මූල්‍ය අර්බුදයෙන් පසු මෙවැනි දරුණුතම තත්ත්වයක් වාර්ථා වූ පළමු අවස්ථාව මෙය වෙයි. මේ අතර එක්සත් ජනපදය තුළ රෝගය පැතිරයෑම සම්බන්ධව එරට සූදානම් නැති බවට එල්ල වන චෝදනා වලින් වැළකීම සදහා මේ වන විට එරට රජය දැඩි උත්සහයක නිරත වෙමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි