×

උගන්ඩාවේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මරුට

ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ මෙම අමානුෂික ප්‍රහාරය උගන්ඩාවේ මිත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (ඒඩීඑෆ්)විසින් සිදුකර ඇති බවයි.


ඊයේ(16) රාත්‍රියේදී බටහිර උගන්ඩාවේ Mpondwe හි Lhubiriha ද්විතීයික පාසලක් තුළ අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් 8 දෙනෙකුගේ තත්වය බරපතල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරයේදී පාසලේ නේවාසිකාගාරයක් ගිනි තබා ඇති අතර ආහාර ගබඩාවක්ද කොල්ලකෑමට ලක්ව ඇත.

පාසලට එල්ල කරන ලද මෙම ප්‍රහාරය වසර ගණනාවකට පසුව උගන්ඩාවේ පාසලකට එල්ල වූ පළමු ප්‍රහාරය වන අතර පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ මෙම අමානුෂික ප්‍රහාරය උගන්ඩාවේ මිත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (ඒඩීඑෆ්)විසින් සිදුකර ඇති බවත්, ඔවුන් ප්‍රහාරයෙන් අනතුරුව අප්‍රිකාවේ පැරණිතම සහ විශාලතම ජාතික වනෝද්‍යානය වන විරුංගා ජාතික වනෝද්‍යානය දෙසට පලා ගිය බවත් ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි