×

එක්සත් රාජධානියට අයත් රුබිමාර් භාණ්ඩ නෞකාව හවුතිවරුන්ගේ ප්‍රහාරයට ලක්ව ගිලි යයි

කෙසේ නමුත්, එක්සත් ජනපදය ප්‍රමුඛ නාවික සන්ධානය විසින් හූති ඉලක්කවලට එරෙහිව මාසයකට වැඩි කාලයක් ගුවන් ප්‍රහාර එල්ල කර තිබියදීත්, කැරලිකරුවන් තවමත් සැලකිය යුතු ප්‍රහාර එල්ල කරමින් සිටිම සැලකිය යුතු කරුණකි.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බෙලීස් ධජය සහිත බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන රුබිමාර් නෞකාව ඒඩන් බොක්කේදී හූතිවරුන්ගේ ප්‍රහාරයකට ලක්ව සති දෙකකට පසු මුහුදුබත් වී ඇති බව වාර්තා වේ.

අනතුරට ලක්වන විට නෞකාව ඇමෝනියම් නයිට්‍රේට් පොහොර ටොන් 41,000ක් රැගෙන යමින් තිබු අතර මේ සම්බන්ධයෙන් විශේෂඥයන් පවසන්නේ ගිල්වීම පෙර නොවූ විරූ පාරිසරික ව්‍යසනයක අවදානමක් ඇති බවයි.

එනම් ඇමෝනියම් නයිට්‍රේට් කාන්දුවක් දකුණු රතු මුහුදේ කොරල්පර, වෙරළබඩ කඩොලාන සහ විවිධ සාගර ජීවීන්ගෙන් සමන්විත සාගර පරිසර පද්ධති කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.

පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඔවුන්ගේ ක්‍රියාවන් ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය දක්වන බව පවසයි.

රතු මුහුදේ වෙළඳ යාත්‍රාවලට කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් යුරෝපය සහ ආසියාව අතර කෙටිම නාවික මාර්ගයේ ජාත්‍යන්තර වෙළඳාමට බාධා එල්ල වී තිබේ. නව මාර්ගය නවුකයන්ට හා වාණිජ සමාගම් වලට වියදම් අධික කරුණක් බවට පත්ව ඇති අතර, දකුණු අප්‍රිකාවේ කේප් අර්ධද්වීපයේ කේප් ඔෆ් ගුඩ් හෝප් අවට යාත්‍රා නැවත හරවා යැවීමෙන් නැව්ගත කිරීමේ ගමනකට සති දෙකක් දක්වා සහ අමතර නාවික සැතපුම් 3,000 ත් 6,000 ත් අතර (කිලෝමීටර් 5,556 සහ 11,112 ) අතර දුරක් යා යුතුය.

නැව්වලට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ජනවාරි මාසයේදී යේමනයේ ඉලක්ක වෙත ප්‍රහාර දියත් කිරීමට පටන් ගත් අතර එක්සත් ජනපදය විසින් හූතිවරුන් විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදී (SDGT) ආයතනයක් ලෙස ද නම් කරන ලදී. කෙසේ නමුත්, එක්සත් ජනපදය ප්‍රමුඛ නාවික සන්ධානය විසින් හූති ඉලක්කවලට එරෙහිව මාසයකට වැඩි කාලයක් ගුවන් ප්‍රහාර එල්ල කර තිබියදීත්, කැරලිකරුවන් තවමත් සැලකිය යුතු ප්‍රහාර එල්ල කරමින් සිටිම සැලකිය යුතු කරුණකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි