×

යුක්රේනය ප්‍රතික්ෂේප කළ පුටින්ගේ පැය 36 සටන් විරාමය ‘නරුම උගුලක්’- ජෝ බයිඩන්

යුක්රේනය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, රුසියාව අල්ලාගෙන සිටින භූමියෙන් තම හමුදා ඉවත් කර ගන්නා තෙක් සටන් විරාමයක් නොපවතින බවයි.


රුසියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධානියා වන මොස්කව්හි කුලදෙටු කිරිල්ගේ ඉල්ලීම පරිදි, නත්තල වෙනුවෙන් පැය 36ක සටන් විරාමයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කළ යෝජනාව යුක්රේනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. යුක්රේනය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, රුසියාව අල්ලාගෙන සිටින භූමියෙන් තම හමුදා ඉවත් කර ගන්නා තෙක් සටන් විරාමයක් නොපවතින බවයි.


විශේෂ ප්‍රකාශයක් නිකුත් කැමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ, ශුද්ධෝත්තම කුලදෙටු කිරිල්ගේ ආයාචනය සැලකිල්ලට ගනිමින් පැය 36ක සටන් විරාමයක් ක්‍රෙමිලනයෙන් ක්‍රියාත්මක වන බවත්, ඕතඩොක්ස් නිකායට අයත් පුරවැසියන් විශාල සංඛ්‍යාවක් සතුරුකම් පවතින ප්‍රදේශවල ජීවත් වන බැවින් ඔවුන්ට නත්තල් සැන්දෑවේ මෙන්ම නත්තල් දිනයේ සේවාවන්ට සහභාගී වීමට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස යුක්‍රේනියානු පාර්ශවයෙන් ඉල්ලා සිටින බවත්ය.

මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේ සටන් විරාමය භාවිතා කරමින් රුසියාව නව ආයුධ ගෙන්වීමට ක්‍රියා කරනු ඇති බවයි. යුක්රේන ජනාධිපති උපදේශක Mykhailo Podolyak මේ පිළිබඳව ට්විටර්හි සඳහන් කර තිබුණේ රුසියාව මෙන් නොව, යුක්රේනය විදේශීය භූමියකට පහර දීම හෝ සිවිල් වැසියන් ඝාතනය නොකරන බැවින් රුසියාව විසින් ආක්‍රමණය කර ඇති ප්‍රදේශවලින් ඉවත් විය යුතු බවත්, එවිට පමණක් එයට ‘තාවකාලික සටන් විරාමයක්’ ලැබෙනු ඇති බවත්ය.

පුටින්ගේ සටන් විරාමය සම්බන්ධයෙන් ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ මෙය නරුම උගුලක් බවත්, පුටින්ගේ මෙම උත්සහය හුදෙක් ඔහුගේ යුද ප්‍රයත්නය සඳහා හුස්ම ගැනීමේ ඉඩක් සෙවීමේ උත්සාහයක් බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි