×

බක්මුට් නගරය රුසියානු හමුදාව වෙත මාරු වෙමින් පවතින බව රුසියාවේ වැග්නර් කුලී හමුදා නායකයා පවසයි.

විශ්ලේෂකයින් පවසන්නේ බක්මුට් උපාය මාර්ගික වශයෙන් වටිනාකමන් නොමැති වුවත් යුක්රේනයේ මෙතෙක් පැවති දීර්ඝතම යුද්ධයෙන් පසුව රුසියාවට සංකේතාත්මක ජයග්‍රහණයක් බක්මුට් හිමිවීමත් සමඟ ලැබෙනු ඇති බවයි.


රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයේ බක්මුට් නගරය රුසියානු හමුදාවට මාරු වෙමින් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු නිත්‍ය හමුදාවට තත්ත්වය කළමනාකරණය කිරීමට නොහැකි බව ඔප්පු වුවහොත් තම හමුදා ආපසු යාමට සූදානම් බවයි.

වැග්නර් කුලී හේවායන් රුසියානු පාර්ශවය නියෝජනය කරමින් යුක්රේන යුද්ධය වෙනුවෙන් සමිබන්ධව ඇති අතර මේ වන විට සටන්කරුවන් 20,000 ක් බක්මුට්හිදී මියගොස් ඇති බවත් 80,000කට ආසන්න ප්‍රමාණ්‍යක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. කෙසේ නමුත් යුක්රේනය බක්මුට්හි සිදුවූ ජීවිත හානි පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැති මුත් ඉන් විනාශ වූ ජීවිත හා දේපළ හානි ප්‍රමාණය සුළුපටු නොවේ.

මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයින් පවසන්නේ බක්මුට් උපාය මාර්ගික වශයෙන් වටිනාකමන් නොමැති වුවත් යුක්රේනයේ මෙතෙක් පැවති දීර්ඝතම යුද්ධයෙන් පසුව රුසියාවට සංකේතාත්මක ජයග්‍රහණයක් බක්මුට් හිමිවීමත් සමඟ ලැබෙනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි