×

කල්ලි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් හයිටියේ ගැබිණි කාන්තාවන් 3,000ක් අවදානමක – UN

හයිටියේ බොහෝ කාන්තාවන් සහ තරුණියන් සන්නද්ධ කල්ලි විසින් සිදු කරනු ලබන අසීමිත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති අතර පුලුල්ව පැතිරුනු කල්ලි ප්‍රචණ්ඩත්වය වසර තුනකට ආසන්න කාලයක් හයිටියට පීඩා කර ඇත.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 09,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉහළ යන කල්ලි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් හයිටි අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි ගර්භනී කාන්තාවන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා ගැනීමට නොහැකිව අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් හයිටි හි එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ කාර්යාලය (BINUH) කියා සිටියේ, ගර්භනී කාන්තාවන් 450 කට ආසන්න සංඛ්‍යාවක් මුලික සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය නොමැතිව ජීවිත තර්ජනාත්මක සංකූලතා වලට ගොදුරු විය හැකි බවයි.

හයිටියේ බොහෝ කාන්තාවන් සහ තරුණියන් සන්නද්ධ කල්ලි විසින් සිදු කරනු ලබන අසීමිත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති අතර පුලුල්ව පැතිරුනු කල්ලි ප්‍රචණ්ඩත්වය වසර තුනකට ආසන්න කාලයක් හයිටියට පීඩා කර ඇත.

2021 ජූලි මාසයේදී ජනාධිපති ජොවනෙල් මොයිස් ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ තනතුර භාරගත් අගමැති ඒරියල් හෙන්රි තනතුර දැරීමේ නීත්‍යානුකූල භාවයේ අර්බුදයකට මුහුණ දී සිටින අතර කල්ලි නායකයන් ප්‍රකශ කර සිටින්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙසයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකර සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස හයිටි ජනාධිපතිවරයාහට දුරකතනයෙන් ප්‍රකාශ කළ බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ද සඳහන් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි