×

ගාසා තීරයේ දරුවන්ට බීමට ඇත්තේ යන්තම් ජල බිංදුවක් පමණි – යුනිසෙෆ්

ඒ අනුව, අනාරක්ෂිත ජලය භාවිතා කිරීම සහ සනීපාරක්ෂාව නොමැතිකම හේතුවෙන් ළමුන් බෝවන රෝග, විජලනය සහ මන්දපෝෂණයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.


පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සඳහා ඇති සීමිත ප්‍රවේශය ගාසා තීරයේ දරුවන්ට බරපතල අවදානමක් ඇති බවත් ඔවුන්ට යන්තම් පානය කිරීමට ඇත්තේ ජාල බිඳුවක් පමණක් වන බවටත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දකුණු ගාසා තිරයට රංචු ගැසී ඇති අතර ඔවුන්ගෙන් අඩක් පමණ ළමයින් යැයි ගණන් බලා තිබේ. ඔවුන්ට ආහාර, ජලය, නවාතැන්, ඖෂධ මෙන්ම ආරක්ෂාව නොමැතිව මංමුලා වී සිටින අතර ඉල්ලුම අඛණ්ඩව ඉහළ යන බැවින් නගරයේ ජලය සහ සනීපාරක්ෂක පද්ධති අතිශය තීරණාත්මක තත්ත්වයක පවතී.

UNICEF පවසන්නේ පැවැත්ම සඳහා දිනකට ලීටර් 3ක් අවශ්‍යය වන මුත් ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට අධික ලවණ සහිත හෝ දූෂිත වූ අනාරක්ෂිත ප්‍රභවයන්ගෙන් ජලය භාවිතා කිරීමට සිදුවන බවයි. ඒ අනුව, අනාරක්ෂිත ජලය භාවිතා කිරීම සහ සනීපාරක්ෂාව නොමැතිකම හේතුවෙන් ළමුන් බෝවන රෝග, විජලනය සහ මන්දපෝෂණයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, නොවැම්බර් 29 සිට දෙසැම්බර් 10 දක්වා, පහට අඩු ළමුන්ගේ පාචනය රෝගීන් සියයට 66 කින් 59,895 දක්වා ඉහළ ගොස් ඇති අතර මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පසුගිය සතියේ ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙනින්ජයිටිස්, පැපොල, සෙංගමාලය සහ ඉහළ ශ්වසන රෝග දරුවන් අතර වාර්තා කර ඇති බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි