×

සුඩානයේ ළමුන් 700,000 මන්දපෝෂණයට මුහුණ දෙයි – UNICEF

මිනීමැරුම්, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ සටන් සඳහා ළමුන් බඳවා ගැනීම වසරක් තුළ “සියයට 500 ක වැඩිවීමක්” දක්නට ලැබේ.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 10,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ ළමුන් 700,000ක් මේ වසරේ දරුණුතම මන්දපෝෂණයෙන් පීඩා විඳීමට ඉඩ ඇති බවත් තවත් දස දහස් ගණනක් මිය යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ ප්‍රකාශක ජේම්ස් එල්ඩර් ජිනීවාහි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

මේ වන විට මාස10ක් පුරා රටතුල සන්නද්ධ හමුදා සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) අතර පවතින යුද්ධය හේතුවෙන් යටිතල පහසුකම් විනාශ කර ඇති අතර, සාගතය පිළිබඳ අනතුරු ඇඟවීම් සහ රට තුළ සහ ඉන් පිටත මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් කර ඇත.

යුනිසෙෆ් විසින් සුඩානයට අවුරුදු පහට අඩු ළමුන්ට ජීවිතාරක්ෂක ආහාර සපයයි.

මිනීමැරුම්, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ සටන් සඳහා ළමුන් බඳවා ගැනීම වසරක් තුළ “සියයට 500 ක වැඩිවීමක්” දක්නට ලැබෙන අතර එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සියේ ප්‍රකාශක ජේම්ස් එල්ඩර් සඳහන් කර තිබුණේ, අපට ගැටුම් රේඛා හරහා සහ දේශසීමා හරහා ආරක්ෂිතව යාමට, බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශයක් ,මෙන්ම ජාත්‍යන්තර සහය අවශ්‍ය වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මේ වන විට සුඩානයේ ජනගහනයෙන් අඩකට නැතිනම් ආසන්න වශයෙන් මිලියන 25 ක ජනතාවකට මානුෂීය ආධාර සහ ආරක්ෂාව අවශ්‍ය වන අතර, මිලියන 1.5 කට වැඩි ජනතාවක් මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, ඊජිප්තුව, ඉතියෝපියාව සහ දකුණු සුඩානය වෙත පලා ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි