×

Update: ජපානයේ මොඩර්නා එන්නත් තුළ කළු පාට අපද්‍රව්‍ය- ‘‘එහෙම වෙන්නෙ එන්නත් කටුව වැරදියට ගැහුවාම‘‘ – සෞඛ්‍ය ඇමති

ජපානයේ භාවිතයට ගැනීමට නියමිත ව තිබූ මොඩර්නා එන්නත් තුළ කළු පාට අපද්‍රව්‍ය කොටස් හමුවී තිබේ.


මෙම නිරීක්ෂණය සිදුකර ඇත්තේ ඖෂධවේදියෙකු විසිනි.

මෙම එන්නත් කට්ටලවලින් 3790 ක් දැනටමත් භාවිතා කර ඇති අතර, මෙම නවතම තත්වයත් සමග වහාම ඒවා භාවිතය නතර කිරීමට ජපානය තීරණය කළේය.

මෙම සිදුවීම වාර්තා වන්නේ මෙයට සතියකට පමණ පෙර මොඩර්නා එන්න් මාත්‍රා මිලියන 1.63 ක් භාවිතය අත්හිටුවීම සහ, එම එන්නත් ගත් නිරෝගී තරුණයන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිවලින් පසුව ය.

ජපානයේ මෙම එන්නත් බෙදා හරින දේශීය සමාගම (Takeda Pharmaceutical) වහාම එන්නත් සියල්ල නැවත එකතු කරමින් සිටින බව ද වාර්තා වේ. ඔවුන් විසින් දැනට එන්නත් 560,000 ක් පමණ වෙළඳපොළෙන් ඉවත් කරගෙන ඇත.

මොඩර්නා එන්නත කුප්පිවලට ඇසිරීම සිදු කරන්නේ ස්පාඤ්ඤයේ Rovi ඖෂධ සමාගම විසිනි.

මෙම තත්වයට හේතුව, එන්නත් නිෂ්පාදනයේදී ඇති වූ ගැටළුවක් විය හැකි බව ප්‍රකාශයක් නිකුත් කරමින් Rovi සමාගම කියා තිබේ. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් ඔවුන් කියා තිබේ.

මේ අතර, ජපන් සෞඛ්‍ය අමාත්‍යවරයා, ඔකිනාවා පෙදෙසින් කළු පැහැති අපද්‍රව්‍ය එන්නත් කුප්පිවලින් හමුවීම ගැන ලංකාවේ මැති ඇමතිවරුන් සිදුකරන ආකාරයේ ප්‍රකාශයක් කර තිබේ.

ඔහු කියා තිබෙන්නේ එම කළුපාට අපද්‍රව්‍ය එන්නත් කුප්පිය තුළට වැටී ඇත්තේ, එන්නත් කටුව නිවැරදි අන්දමින් ඇතුල් නොකළ නිසා බවයි!

පෙර ලිපි

ජපානයේ මොඩර්නා එන්නතේ අපද්‍රව්‍ය! – භාවිතය වහාම අත්හිටුවයි!

Update: අපද්‍රව්‍ය සහිත මොඩර්නා එන්නත් ලබාගත් ජපානයේ දෙදෙනෙක් මරුට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි