×

සිරියාවේ ඉලක්ක වෙත අමෙරිකානු ගුවන් ප්‍රහාර!

මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි නැගෙනහිර සිරියාවේ ප්‍රහාරවලින් ඉරාන හිතවාදී සටන්කරුවන් හය දෙනෙකු මිය ගොස් තිබේ.


සටහන – රෂිකා හෙන්නාය


පෙබරවාරි , 03 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අමෙරිකානු හමුදාව සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, ජෝර්දානයේ ඇමරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනෙකු මෑතක දී මිය යාමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි.

මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි නැගෙනහිර සිරියාවේ ප්‍රහාරවලින් ඉරාන හිතවාදී සටන්කරුවන් හය දෙනෙකු මිය ගොස් තිබේ.

ඔක්තෝම්බර් මාසයේ දී ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ වීමෙන් පසු මැද පෙරදිග ප්‍රහාරයකින් මිය ගිය පළමු අමෙරිකානු හමුදා නිලධාරින් ඔවුන් වූ අතර, ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

ඩ්‍රෝන යානා, රොකට් සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධවලින් අමෙරිකාව සහ සභාග හමුදා ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ දී ප්‍රහාර 165කට වඩා එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි