×

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යේමනයේ හූති ඉලක්ක වෙත නැවත මිසයිල ප්‍රහාර දියත් කරයි

කලාපයේ නැව් ගමනාගමනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ඉරානය හා සම්බන්ධ කණ්ඩායමට එරෙහි නවතම ප්‍රහාරය මෙයයි.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඊයේ(24)දිනයේදී යේමනයේ භූගත ආයුධ සහ මිසයිල ගබඩා පහසුකම් ඇතුළු හුති ඉලක්ක 18කට එරෙහිව ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාර වලින් ගුවන් ආරක්ෂක පද්ධති, රේඩාර් සහ හෙලිකොප්ටර විනාශ වූ බව වර්ත් වන අතර කලාපයේ නැව් ගමනාගමනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ඉරානය හා සම්බන්ධ කණ්ඩායමට එරෙහි නවතම ප්‍රහාරය මෙයයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය (MoD)සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, බහරේනය, කැනඩාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ නවසීලන්තය යන රටවල සහාය ඇතිව හුතිවරුන්ට එරෙහිව ප්‍රහාර දියත් කළ බවත්, මෙමඟින් ගෝලීය වෙළඳාමට, නාවික යාත්‍රාවලට සහ ලෝකයේ වඩාත්ම තීරණාත්මක ජල මාර්ගයක අහිංසක නාවිකයින්ගේ ජීවිතවලට වන තර්ජනය නැවත්වීම සහ රතු මුහුදේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පසුබට නොවන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි