මේ සමග දැක්වෙන්නේ මැයි 24 වැනිදා, එනම් මෙයට දෙදිනකට පෙර ඇමරිකාවේ සුප්‍රසිද්ධ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවයි.
එහි, මුල් පිටුව ඉතිහාසයේ පළමු වරට වෙන්ව තිබෙන්නේ මළවුන්ට ය.
එනම්, මිය ගිය ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අතරින් දහසකට ආසන්න සංඛ්‍යාවකගේ නම්, නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව පුරාම මුද්‍රණය කර තිබුණේ මෙසේ ය.
මරණ සංඛ්‍යාවන් 1%ක් පමණක් නියෝජනය කරන මේ ලැයිස්තුව අපට කියා දෙන්නේ කුමක්ද?
එහි කතුවැකිය මෙසේ ය.
”US deaths near 100,000, an incalculable loss‘‘
‘‘ඇමරිකානු මරණ ගණන ලක්ෂයට ළඟා වෙයි – අසංඛ්‍යෙය පාඩුවක්‘‘
අසංඛ්‍යෙය යනු ‘ගණන් කළ නොහැකි‘ යන්නයි. සැබවින්ම අපට මිය ගිය අයගේ මළ සිරුරු ගණන් කළ හැක. මෙවැනි ලැයිස්තුවක් එක, දෙක, තුන යනාදී වශයෙන් කියවිය හැක. නමුත් මේ මිය ගොස් තිබෙන්නේ, අප ඉලක්කම්වලට ලඝු කරන්නේ මිනිස් ජීවිත ය. ලෝක ඉතිහාසයේ කිසිවෙකු නොපැතූ ලෙසින් ලොවට මේ අහිමි වූයේ මිනිස් ප්‍රාග්ධනයයි. විභවයන්, හැකියාවන්, කුසලතාවන් සහ ප්‍රාර්ථනාවන්ගෙන් පිරුණු මිනිස් ප්‍රාග්ධනයයි. අනාගතය ගැන ඔවුන් ද අප මෙන්ම සිහින දකින්නට ඇත. ඒ අහිමි වූ සිහින ගණන් කළ හැකිද? කිසිසේත්ම නොහැක….
Al Jazeera
NY Daily News
Metro
BBC NEWS
Pat Marmo, owner of Daniel J. Schaefer Funeral Home, is interviewed in his body holding facility, hoping for assistance in handling the overflow of clients stemming from COVID-19 deaths, Thursday, April 2, 2020, in the Brooklyn borough of New York. Like many funeral homes in New York and around the globe, Marmo’s business is in crisis. “This is a state of emergency,” he said. “We need help.” (AP Photo/John Minchillo)
Bussiness Insider
2020/05/26 දින ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7 ට දත්ත මෙසේ විය…