×

COVID 19 මඩින්න නව එන්නතක් – භාවිතා කිරීමට තවත් මාස 18 ක් යනවාලු!

Covid-19 වෛසරයට එරෙහිව සාර්ථකව ප්‍රතික්‍රියා කළහැකි එන්නතක් සොයා ගැනීමට ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.


Covid-19 වෛසරයට එරෙහිව සාර්ථකව ප්‍රතික්‍රියා කළහැකි එන්නතක් සොයා ගැනීමට ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.

එය මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ මිනිස් සෛල ආක්‍රමණය කිරීමට හා ආසාදනය වීමට ඉඩ සලසන වෛරසයේ මතුපිට ඇති ස්පයික ප්‍රෝටීන ඉලක්ක කරගනිමිනුයි.

එය අත්හදා බලා ඇති නමුත් එය රෝගීන් වෙත ලබාදීම සඳහා අවම වශයෙන් තවත් මාස 18 ක කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ එන්නත පිළිබඳව පර්යේෂණ සිදුකළ විශේෂඥයන් කණ්ඩායම කොරෝනා වෛසරය ව්‍යාප්ත වීමට මාස 06 ක පමණ පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ, සාර්ස් වැනි දරුණු, භයානක වෛරසයක් ඉදිරියේදී ලොවපුර පැතිර යන බවටයි.

මෙම එන්නත දැනටමත් ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය වෙත ලබා දී තිබෙනවා.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි