×

එක්සත් ජනපද හමුදා මෙහෙයුමකින් සෝමාලියාවේ ඉහළ පෙළේ ISIL නායකයා මිය යයි

බිලාල් අල් සුඩානි යනු ISIS සංවිධානයේ ලොව පුරා ව්‍යාප්තවන මෙහෙයුම් සඳහා අරමුදල් සැපයීම් ජාලයේ ප්‍රධාන පහසුකම් සපයන්නා වේ.


පසුගිය ජනවාරි 25වන දින සිදු කරන ලද මෙහෙයුමකදී උතුරු සෝමාලියාවේ ජ්‍යෙෂ්ඨ ISIL (ISIS) නායකයෙකු වන බිලාල් අල් සුඩානි මිය ගිය බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.

බිලාල් අල් සුඩානි යනු ISIS සංවිධානයේ ලොව පුරා ව්‍යාප්තවන මෙහෙයුම් සඳහා අරමුදල් සැපයීම් ජාලයේ ප්‍රධාන පහසුකම් සපයන්නා වේ.

ඔහුට එරෙහිව කරන ලද මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු එක්සත් ජනපදය විසින් ලබා දී නොමැති අතර එක්සත් ජනපද නිලධාරීන් රොයිටර් පුවත් ඒජන්සියට නිර්නාමිකව කියා සිටියේ, මෙහෙයුමේදී අල්-සුඩානිගේ සහචරයින් 10 දෙනෙකු ද මිය ගිය බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි