×

ඇන්ටනි බ්ලින්කන් යළි මැද පෙරදිගට!

ඊයේ සෞදි අරාබියෙන් සංචාරය ආරම්භ කළ ඔහු අද ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී මැද පෙරදිග කලාපයේ විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. 


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යළි මැද පෙරදිගට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ සෞදි අරාබියෙන් සංචාරය ආරම්භ කළ ඔහු අද ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී මැද පෙරදිග කලාපයේ විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. 

විදෙස් වාර්තාවල සඳහන් වූයේ, අදාළ සාකච්ඡා සඳහා, පලස්තීන නියෝජිතයින් ද සහභාගී වනු ඇති බවයි.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකිරීම සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා අමෙරිකාව, සහ කටාර් රාජ්‍යය, ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් මැදිහත්කරුවන් ලෙස පෙනී සිටින බවද සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි