×

ඇමරිකාවෙන් තායිවානයට ඩොලර් බිලියනයක කෘෘස් මිසයිල – චීනය සීරුවෙන් !

ඇමරිකානු රජය ඊයේ ප්‍රකාශ කළේ ඇමරිකානු ඩොලර් බිලියනයක් වටිනා මිසයිල තායිවානයට ලබාදෙන බව ය.


ඒ, චීනයට එරෙහිව ආරක්ෂාව දැඩි කර ගැනීමට බව ද ප්‍රකාශ විණි.

රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ අනුව, ගුවනේ සිට බිම හෙළිය හැකි, අතිශය නිරවද්‍යතාවයෙන් යුක්ත AGM-84H SLAM-ER වර්ගයේ කෘෘස් මිසයිල 135 ක් ලබාදීමට නියමිත ය.

මෙම ආයුධ මගින් ‘‘තායිවානය දිවා රාත්‍රියේ චීනයෙන් එල්ල වීමට නියමිත ඕනෑම ආකාරයේ තර්ජනයන් මැඩපැවැත්වීමට සමත් වනු ඇතැයි‘ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙයට අමතරව MS-110 වර්ගයේ air reconnaissance pods සහ 11 M142 වර්ගයේ සැහැල්ලු, ජංගම මිසයිල ලෝන්චර ද ලබාදීමට නියමිත ය. මෙම පැකේජයේ වටිනාකම ඩොලර් බිලියන 1.8 කි.

ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වයං පාලනයක් සහිත රාජ්‍යයක් වන තායිවානය, චීනයේ ආක්‍රමණශීලී තර්ජනයන්ට වරින් වර මුහුණ දී සිටින බව ද ඇමරිකාව පවසයි.

ජපානය, දකුණු කොරියාව සහ පිලිපීනය සමග තායිවානය විසින් චීනයට එරෙහිව ආරක්ෂාව පිළිබඳ සම්මුතියකට ද එළඹී තිබේ.

ඇමරිකාව වැඩිදුරටත් පවසන්නේ මෙම සම්මුතියට මෙම ආයුධ විකිණීම අදාළ නොවන බවයි.

2016 වසරේ පටන් චීනය තායිවානය කෙරෙහි දක්වන ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය දැඩි කර තිබේ. තායිවාන ජනපති සායි ඉන්ග්-වෙන් ට අනුව තායිවානයේ පවතින්නේ ‘තත්වාකාර (ඩී ෆැක්ටෝ) හෙවත් නිල නොවන ස්වාධිපත්‍යයක් වන අතර, එය ‘එක චීනයක්‘ (“one China”) සංකල්පයේ කොටසක් නොවේ.

පසුගිය වසරේ චීන ප්‍රහාරක ජෙට් යානා සහ බෝම්බ ප්‍රහාරක යානා තායිවානයේ ආරක්ෂක ගුවන් කලාපයට ඇතුළු වූ අතර, එහිදී කලාපීය යුද්ධයක් ඇති වේ ය යන බිය උද්ගත වී තිබිණි.

ගුවාම් හි පිහිටා තිබෙන ඇමරිකානු හමුදා කඳවුරු, තායිවානයයට චීනයෙන් එල්ල විය හැකි තර්ජන පිළිබඳ පසුවන්නේ විමසිල්ලෙනි.

චීනය ප්‍රකෝපකාරී විය හැකි නිසා, මීට පෙර බිහිවූ ඇමරිකානු ආණ්ඩු තායිවානයට ආයුධ වෙළඳාම් කිරීමේදී බෙහෙවින් සැලකිලිමත් විය. ඔවුන් ඒ පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත.

නමුත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘ඇමරිකා ෆස්ට්‘ ප්‍රතිපත්තිය යටතේ තායිවානයේ ආරක්ෂාව ද තමන්ගේ කාර්යයක් ලෙස සලකන බව පෙනෙන්නට තිබේ.

නමුත් මෙයින් සිදුවිය හැක්කේ චීන-තායිපේ සබඳතා තවදුරටත් කඩා වැටීම සහ අරගලයකට ගිනි පිඹීම බව විචාරකයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි