×

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ‘අත්තනෝමතිකත්වය’ කරා යන බවට චෝදනා

අධිකරණය සිය බලය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව අප සැබවින්ම අවධානය යොමු කළ යුතුය.


එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය අත්තනෝමතිකත්වය කරා භයානක ලෙස යොමු වෙමින් සිටින බව ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝර්ටෙස් ප්‍රකාශ කර තිබේ.

ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පසුගියදා Roe v Wade වෙනුවෙන් ගනු ලැබූ මතභේදාත්මක තීන්දුව හා මෑතකදී බයිඩන්ගේ ශිෂ්‍ය ණය සහන වැඩසටහන කඩා කප්පල් කිරීම මෙන්ම LBGTQ+ අයිතිවාසිකම් ආදිය පිළිබඳව ගනු ලැබූ අත්තනෝමතික තීන්දු කිහිපයකින් පසුවය.

ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, විනිසුරු එලේනා කගන් සමඟ, අධිකරණය මේ වන විට ව්‍යවස්ථාදායකයක බලය භාර ගැනීමට පටන් ගෙන ඇති බවත්, ඔවුන් කොංග්‍රසය මෙන් ක්‍රියා කිරීම දක්වා ඔවුන්ගේ භූමිකාව පුළුල් කරමින් සිටින හෙයින් අධිකරණයේ නීත්‍යානුකූල භාවය විනාශව ඇති බවත්, එය අපගේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය සඳහාම අතිශයින් භයානක බැවින් අධිකරණය සිය බලය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව අප සැබවින්ම අවධානය යොමු කළ යුතු බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි