×

ලොව වේගවත්ම මිනිසාත් කොරෝනා හමුවේ පරාජය වෙයි

දින කිහිපයකට පෙර ඔහු පරීක්ෂණ සඳහා පෙනී සිට ඇති අතර අද දිනයේදී එහි ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඔහුට වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.


මීටර් සියය ලෝක වාර්තාව හිමි කරගෙන සිටින, ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන මලල ක්‍රීඩක උසේන් බෝල්ට් ද කොවිඩ් ආසාදිතයෙකු බව වාර්තා වේ.

දින කිහිපයකට පෙර ඔහු පරීක්ෂණ සඳහා පෙනී සිට ඇති අතර අද දිනයේදී එහි ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඔහුට වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔලිම්පික් රන් පදක්කම් 08 ක් සහ ලෝක ශූරතා රන් පදක්කම් 11 ක් දිනාගෙන සිටින හිටපු ජැමෙයිකානු මලල ක්‍රීඩකයා සිය 34 වැනි උපන් දිනය සැමරුවේ පසුගියදාය. උපන් දිනය සමරා දින කිහිපයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම විශේෂත්වයකි.

ඔහු‍ගේ උපන් දිනය වෙනුවෙන් ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළු රැසකගේ සහභාගීත්වයෙන් උපන් දින සාදයක්ද පැවති අතර ඒ සඳහා සහභාගි වූ පුද්ගලයන් මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු වෛසරයෙන් බේරීමට අදාල ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද වාර්තා වේ.

ඔහුට තවමත් රෝග ලක්ෂණ පහළ වී නොමැති බැවින් සිය නිවස තුළ ස්වයං නිරෝධායනය වන ලෙස ජැමෙයිකානු සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි