×

වෙනිසියුලානු සංක්‍රමණිකයන් සහ සරණාගතයින් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 15 දෙනෙකු ජිවිතක්ෂයට

මානුෂීය අර්බුදයක් සහ වසර ගණනාවක ආර්ථික කැලඹීම් මධ්‍යයේ වෙනිසියුලාවෙන් 100,000 කට වැඩි පිරිසක් මේ වන විටත් එක්සත් ජනපදය වෙත පැමිණ ඇත.


එක්සත් ජනපද දේශසීමා වෙත ගමන් කරමින් තිබු වෙනිසියුලානු සංක්‍රමණිකයන් සහ සරණාගතයින් රැගත් බස් රථයක් මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක දී ට්‍රේලරයක ගැටීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 36 දෙනෙකු තුවාල ලබා ඇතිබව වාර්තා වේ.

සංක්‍රමණික ජාවාරම්කරුවන් විසින් භාවිතා කරන මාර්ගයක් වන Puebla සහ Oaxaca ප්‍රාන්ත සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුව ඇති අතර මියගිය සියල්ලන්ම වෙනිසියුලාවේ අය ද යන්න පැහැදිලි නැතිමුත් රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ බොහෝ මගීන් එම රටෙන් වන බවයි.

මානුෂීය අර්බුදයක් සහ වසර ගණනාවක ආර්ථික කැලඹීම් මධ්‍යයේ වෙනිසියුලාවෙන් 100,000 කට වැඩි පිරිසක් මේ වන විටත් එක්සත් ජනපදය වෙත පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

සශිකලා මධුෂාණි-



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි