×

Virgin Galactic 1 අභ්‍යවකාශයේ කෙළවරට මිනිත්තු 75 ක සාර්ථක සවාරියක් නිම කරයි

Virgin Galactic දැනට එහි වෙබ් අඩවියට අනුව අභ්‍යවකාශ ගමනකට ඩොලර් 450,000ක් අය කරයි. එහි මගීන් 800ක් ගුවන් ගමන් සඳහා පෝලිම් ගැසී සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


ප්‍රකෝටිපති රිචඩ් බ්‍රැන්සන් විසින් ආරම්භ කරන ලද වර්ජින් ගැලැක්ටික් සමාගම විසින් නිර්මාණය කරන ලද Virgin Galactic 1 යානය අභ්‍යවකාශයේ කෙළවරට මිනිත්තු 75 ක සිය පළමු වාණිජ ගුවන් ගමන සාර්ථකව නිම කර ඇති බව වාර්තා වේ.


Galactic 01 ලෙස නම් කරන ලද පළමු Virgin Galactic (SPCE) අභ්‍යවකාශ ගමන ජුනි 29 Virgin Galactic හි වාණිජ කේන්ද්‍රස්ථානය වන New Mexico හි Spaceport America වෙතින් පිටත් විය.

මෙම අභ්‍යවකාශ ගමන සඳහා යානයේ නියමුවන් දෙදෙනා සමඟ ඉතාලි ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ඉතාලියේ ජාතික පර්යේෂණ කවුන්සිලයේ අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු බ්‍රහස්පතින්දා වර්ජින් ගැලැක්ටික් උපදේශකයෙකු ගමනට එක්විය.

Virgin Galactic ට අනුව, සමාගමේ මීළඟ සැලසුම්ගත වාණිජ අභ්‍යවකාශ පියාසැරිය Galactic 02 අගෝස්තු මාසයේදී සැලසුම් කර ඇති අතර, එම දියත් කිරීමෙන් පසුව අභ්‍යවකාශයට මාසික ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
Virgin Galactic දැනට එහි වෙබ් අඩවියට අනුව අභ්‍යවකාශ ගමනකට ඩොලර් 450,000ක් අය කරයි. එහි මගීන් 800ක් ගුවන් ගමන් සඳහා පෝලිම් ගැසී සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ වන විට වාණිජ අභ්යවකාශ තරඟයට Amazon (AMZN) නිර්මාතෘ සහ හිටපු CEO Jeff Bezos’s Blue Origin, Tesla (TSLA) CEO Elon Musk’s SpaceX සහ Microsoft (MSFT) සම-නිර්මාතෘ Paul Allen’s Stratolaunch Systems ඇතුළු තාක්ෂණික ප්‍රකෝටිපතියන් සියල්ලම සම්බන්ධව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි