×

වසරේ සුන්දරම කතාව සුදොවුන් තුමාගෙන්

කියවන්න... නැවත නැවතත් කියවන්න..


සුදොවුන් දෙවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පසුගිය දිනෙක පැවැත්වූ සිදුකළ අනර්ඝ කතාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහත දැක්වේ.

ඔබ තුළ අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඔබ පසුතැවිලි වනවා වන්නට පුළුවන. කෝපයෙන් පවා සිටිනවා විය හැකිය. නමුත් අමතක කරන්න එපා, ඔබේ ජීවිතය ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම ව්‍යවසාය බව..

එය පුපුරායාම වැළැක්විය හැක්කේ ඔබට පමණක් බව..

බොහෝ අය ඔබට අගය කරනවා. ඔබව විඳිනවා. ඒ වගේම ඔබට ආදරය කරනවා. මතක තබාගන්න, සතුටු වීම කියන්නේ, කුණාටු නැති අහසක්, මාර්ග අනතුරු නැති පාරක්, වෙහෙසක් නැති වැඩක්, අපේක්ෂා භංගවීම් නැති සබඳතාවලින් යුක්ත දෙයක් නොවන වග…

සතුටු වීම කියන්නේ සමාව දීමයි, ගැටුම් මැදදීත් බලාපොරොත්තු සහගත වීමයි, බිය දැනෙන විටත් ආරක්ෂා සහිත වීමයි, විසංවාදයේදීත් ආදරය කිරීමයි… සිනහව විඳීම විතරක් නොව දුක මෙනෙහි කිරීමත් සතුටයි.. සාර්ථකත්වය සැමරීම විතරක් නෙවෙයි, අසාර්ථකත්වයෙන් පාඩම් ද ඉගෙන ගැනීමයි. ජය ඝෝෂා නගන්නන් සමග සතුටු වීම විතරක් නෙවෙයි, නිර්නාමිකත්වය තුළ ද සතුටු වීමයි.

සතුටු වීම දෛවය අනුව සිදුවන දෙයක් නොවෙයි. තමන් තුළම ගමන් යා හැකි අයගේ ජයග්‍රහණයයි. සතුටෙන් සිටීම යනු, තමන් ගොදුරක්, වින්දිතයෙක් බව හැඟීම නතර කර ගෙන, ඔබේ දෛවයේ කර්තෘවරයා වීමයි. කාන්තාර තරණය කරන අතරම, ඔබේ ආත්මය තුළ කෙම්බිම් සොයාගැනීමයි. දෙවියන් වහන්සේට සෑම උදෑසනකම ස්තූතිවන්ත විය යුත්තේ, ජීවනයේ පෙළහර වෙනුවෙන්.

සතුටු වීම යනු ඔබේම හැඟීම්වලට බිය නොවී සිටීමයි. ඒවා ඔබ ගැන ඔබට කතා කරන්නට හැකියාව ලබාදේවි. සතුටෙන් සිටීම යනු, ‘‘නෑ‘‘ කියන්නට ධෛර්යය ලබාදීමයි. විවේචනවලට මුහුණදීමට විශ්වාසය ලබාගැනීමයි, අසාධාරණ විවේචනයන්ට පවා..

දරුවන් සිප ගැනීම, දෙමාපියන්ව කරුණාවෙන් රැක බලා ගැනීම, මිතුරන් අපට රිදවන විටදී පවා ඔවුන් සමග සමග කාව්‍යමය නිමේෂයන් ගත කිරීම, සතුටෙන් සිටීමයි.

සතුටෙන් සිටීමට අප තුළම සිටින නිදහස්, ප්‍රීතිමත් සහ සරල ජීවියාට ජීවත් වන්න ඉඩ දෙන්න. එය, ‘මම වැරදි කළා. මට වැරදුණා‘ යැයි කීමට තරම් පරිණත බවක් ලබාගැනීමයි. ‘මට සමාවෙන්න‘ යැයි කීමට තරම් ධෛර්යයක් උපදවා ගැනීමයි. ‘මට ඔබව ඕනෙ‘ යැයි කීමට තරම් සංවේදී බවක් ලබාගැනීමයි. ‘මම ඔබට ආදරෙයි‘ යැයි කීමට හැකියාව ලබාගැනීමයි.

ඔබේ ජීවිතය ප්‍රීතියේ අවස්ථාවන්ගේ උද්‍යානයක් වේවා! එවිට එය වසන්තයේදී සන්තුෂ්ටියේ ආදරවන්තයෙක් වේවි. ශීත සෘතුවේදී ප්‍රඥාවේ ආදරවන්තයෙක් වේවි..

ඔබට වැරදුණු නම්, ඔබ වරදක් කළේ නම් නැවත ආරම්භ කරන්න. ඔබ ජීවිතයට ආදරය කරන්නේ එවිට පමණයි. සතුටෙන් සිටීමට පරිපූර්ණ ජීවිතයක් අවශ්‍ය නැති බව එවිට ඔබට වැටහේවි. නමුත් දරා ගැනීම පුහුණු කරන්න. අහිමිවීම්, ඉවසීම ප්‍රගුණ කරන්න යොදාගන්න. ඔබට සිදුවූ වැරදීම් මූර්තිකරුවාගේ හැකියාවට භාර කරන්න. වේදනාව, සතුටට පැළැස්තර දැමීම සඳහා යොදගන්න. බුද්ධියේ දොර කවුළුවලට විවර වන්නට ඉඩ දෙන්න. කිසිදා අතහරින්න එපා… ඔබට ආදරය කරන මිනිසුන් කිසිදා අතහරින්න එපා.. සතුට කිසිදා අතහරින්න එපා. මොකද, ජීවිතය කියන්නේ අසමසම සන්දර්ශනයක්!

ප්‍රධාන ඡායාරූපය –
Crux Now



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි