×

Radwan බලකායේ සාමාජිකයෙකු වූ Wissam Tawil මියයයි!

ඊශ්‍රායලය විසින් සිදු කරන ලදැයි සැලකෙන දකුණු ලෙබනනයේ ප්‍රහාරයකින් ඔවුන්ගේ අණ දෙන නිලධාරියෙකු මියයයි.


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් සිදු කරන ලදැයි සැලකෙන දකුණු ලෙබනනයේ ප්‍රහාරයකින් තම අණ දෙන නිලධාරියෙකු මිය ගිය බව ලෙබනන් කණ්ඩායමක් වන හිස්බුල්ලා පවසන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Radwan බලකායේ සාමාජිකයෙකු වූ Wissam Tawil වත්මන් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඝාතනයට ලක්වූ හිස්බුල්ලා චරිතයක් බවද වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශයක් නොකළ නමුත් දේශසීමා ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දුන් බවට ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , මෙම ගැටුම් පුළුල් කලාපීය ගැටුමක් පිලිබඳ භීතිය මතු කර ඇති බවයි.

හිස්බුල්ලා යනු ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායමක් වන අතර එය ලෙබනනයේ සැලකිය යුතු මිලිටරි සහ දේශපාලන බලයක් දරණ අතර, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය සහ අනෙකුත් බටහිර බලවතුන් විසින් එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි