×

ටියනන්මෙන් සංහාරයට වසර 30 යි!

චීනය සිය ඉතිහාසයෙන් ඉවත් කිරීමට වෙහෙසෙන විට ලෝකයම එය සන්සුන්ව සමරයි.


ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා රජයට බල කර සිය විරෝධතාව පෑ සිය ගණන් චීන සිවිල් වැසියන් සහ ශිෂ්‍යයින් ඉවක් බවක් නොමැතිව ඝාතනයට ලක් කළ ටියනන්මෙන් මිනිස් සංහාරය සිදු වී අදට වසර 30කි.
ඒ 1989 ජූනි 04 වන දිනයයි. චීන කොමියුනිස්ට් පාලනයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සහ ශිෂ්‍යයින් බීජිං හී ටියනන්මෙන් චතුරස්‍රය වටා එක් රැස් වුණේ තමන් වෙත නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදය් අවශ්‍ය බවට හඩ නැගීම සදහාය.

නමුත් ඔවුන්ට උරුම වුණේ නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් හාත් පසින්ම වෙනස් වූ දරුණු මෙන්ම කුරිරු ඉතිහාසයේ කිහි දාක අමතක කළ නොහැකි ඉරණමකට මුහුණ දෙන්නටයි.

තමන්ට එරෙහිව ජනතාවගේ හඩට කන්දෙනු වෙනුවට චීන රජය කළේ හමුදා බලය යොදවා හමුදාවට සියළු අවසර ලබා දී එරෙහි වන සියල්ලන් කුමන හෝ ක්‍රමයකට මැඩ පැවැත්වීමයි.

නවීනතම ආයුධ සහ යුධ ටැංකි වලින් යුධ හමුදාව සන්නද්ධ කළ චීන රජය ටියනන්මෙන් හී රැස්ව සිටි ජනතාව වෙත යැවූහ. ඉතා වේදනාත්මක සිහිනයක් ලෙස මාස ගණනක් පැවති ජනතා විරෝධතාවක් කෙලවර වූයේ දහසක් දෙනා මිය යෑමෙනි.

සිදුවූයේ කුමක්දැයි යන්න හරි හැටි ලෝකයෙන් සගවන්නට එදා චින රජය නොගත් උත්සහයක් නැත. දහස් ගණන් මිය ගිය වගට සාක්ෂි හමුවෙද්දි චීන රජය පැවසූවේ සියයක් පමණ මිය ගිය බවය. එතැන් පටන් ඔවුන් ටියනන්මෙන් සංහාරය සහ විරෝධතාව පිළිබදව වූ සියලු මතකයන් ලෝකයට සගවා තබන්නට අධික උත්සහයක් ගනිමින් සිටී. එය අදද එසේමය .ටියනන්මෙන් චතුරස්‍රය හා බැදුනු ඉතිහාසයට අයත් ඡායාරූප , වීඩියෝ පට පමණක් නොව එම සිදුවීම සිදු වූ දිනය පවා ඉස්මතු කරන කිසිවක් අන්තර්ජාලය තුළ නොපැවතිය යුතු බවට චීන රජය ඉතා තදින් වාරණයක් දියත් කරමින් සිටී. ඒ හා සම්බන්ධව අන්තර්ජාලයේ කිසිවක් නොතිබිය යුතු යැයි සිතන ඔවුන් ටියනන්මෙන් ඉතිහාසය ගැන ඇති විකිපීඩියා හී සියලු භාෂාවන්ට අයත් ලිපි මකා දැමූහ.

Chinese residents check a burning armoured personnel carrier which was put in on fire by rioters fighting back when the army opened fire on the civilians on June 4, 1989 near Tiananmen Square in Beijing. On the night of 03 and 04 June 1989, Tiananmen Square sheltered the last pro-democracy supporters. A series of pro-democracy protests was sparked by the April 15 death of former communist party leader Hu Yaobang. In a show of force, China leaders vented their fury and frustration on student dissidents and their pro-democracy supporters. Several hundred people have been killed and thousands wounded when soldiers moved on Tiananmen Square during a violent military crackdown ending six weeks of student demonstrations, known as the Beijing Spring movement. According to Amnesty International, five years after the crushing of the Chinese pro-democracy movement, “thousands” of prisoners remained in jail. AFP PHOTO TOMMY CHENG (Photo credit should read TOMMY CHENG/AFP/Getty Images)


ලෝක ප්‍රකට ටෑන්ක් මෑන් ඡායාරූපය ටියනන්මෑන් සංහාරයේ සංඛේතය වන අතර අද වන විට චීන ජනතාවගෙන් බහුතරයක් එම ඡායාරූපය කුමක්ද යන්න හෝ නොදනිති.

චීනය ලෝකයෙන් එතරම් වෙහෙසවී සගවන ටියනන්මෙන් සිදු වීමේ 30 වන සංවත්සරය සමරන්නට අද ලෝකයම පෙළ ගැසී සිටි.
එදා නිදහස සඑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිය ගිය සියළු දෙනා සහ ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාමද , ලෝකය තුළ ඒ වෙනුවෙන් හඩ නැගූ සියළු දෙනාටද උපහාර කරන්නට අද ලෝකය වටා ජනතාව පෙළ ගැසෙනු ඇත.

චීනයෙන් වෙන්වූ පාලනයක් ගෙන යන තායිවානයේ , තායිපේ හී පසු ගිය සති කිහිපයක් පුරා ”ටෑන්ක් මෑන් ගේ විශාල ඡායාරූපයක් ප්‍රදර්ශනය කෙරුණේ. චීනය රහස් සැගවීමට දරන උත්සහය ව්‍යර්ථ කරමිනි.


ලෝකයේ පුධාන පෙළේ මානව හිමිකම ්සංවිධාන සියල්ලම පාහේ අද දින ටියනන්මෙන් මිනිස් සංහාරය අනුස්මරණයට සූදානමින් සිටී.
මේ පිළබදව සිය නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා පවසා සිටින්නේ
” ටියනන්මෙන් සංහාරය යනු තවමත් නිදහසට ආදරය කරන මිනිසුන්ගේ සිත් කළඹන සිදුවීමක් බවයි.”

මේ වෙනුවෙන් පැවැත්වෙන විශාලතම අනුස්මරණ උත්සවය සංවිධානය වීතිබුණේ හෝංකාං හී දීය. සංහාරයෙන් පසුව චීන පොළොවෙහිම හිද මෙම මිනිස් ඛේදවාචකය ඉතා විශාල ලෙස සමරනු ලබන්නේ හොංකොං භූමියේදී පමණි.

නමුදු චීනය තුළ ටියනන්මෙන් සංහාරය අනුස්මරණය කරන්නට කිසිදු උත්සහයක් හෝ ගත නොහැකි තරම් චීන රජයේ වාරණ මේ වන විට දැඩි වී ඇත. ඔවුන් සිය දින දරුෂණයෙන් ජීනි 4 වන දින ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ජනතාවට භාවිත කළ හැක්කේ මැයි 35 යන දිනයයි.
ටියනන්මෙන් චතුරසය නරඹන්නට යන සංචාරකයන් ට එය නැරඹීමට සිදු වන්නේ ආරක්ෂක අංශයන් හී දැඩි සුපරීක්සණය මධ්‍යයේය.
සියළු ම චීන ඉතිහාස පොත් වලින් ඉවත් කර ඇති මෙම ඉතිහාසය ගැන දැන ගන්නට චීන ජනයාට ඇති සියළු අයිතිවාසිකම් සියල්ල චීන රජය විසින් අහිමි කර ඇත.

එදා නිදහස වෙනුවෙන් එසේ සටන් කළ චීන ජනයාට සැබවින්ම සිදු වූයේ කුමක්ද යන්න එසේ වසන් කරමින් සිටින චීන රජය යළිත් වරක් එවැන්නක් සිදු නොවීමට වග බලා ගනිමින් සිටින්නේද ජනතාව පීඩනයට ලක් කරමිනි.

ඒ නිසාවෙන්ම තමන් වෙනුවෙන් මිය ගිය තමන්ගේ ඉතිහාසය අද චීන වැසියන් නොදැන ගැනීම ඔවුන්ට එය අනුස්මරණය කරන්නට ඇති අවස්ථාවන් අහිමි කර ඇත. නමුත් අද චීනය හැර මුළු මහත් ලෝකයම ටියනන්මෙන් විරුවන් අනුස්මරණය කරමින් සිටිති.

ටියනන්මෙන් හීදි දිවි දුන් නිර්භීත මිනිසුන්ද ඇතුළුව මිනිස් නිදහස වෙනුවෙන් සිය ජීවිත කැප කරමින් සිටි සියල්ලන්ට අද සුවිශේෂී දිනයක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි