×

ලෝක සරණාගත දිනය අදයි.

සරණාගතයින් යනු තම ජීවිතයට, ශාරීරික ඒකාග්‍රතාවයට හෝ නිදහසට එල්ල වන පීඩාවලින් හෝ බරපතළ තර්ජනයකින් ගැලවීමට තම මව් රටවලින් පලා යාමට බල කෙරෙන පුද්ගලයන් ය.


ලොව පුරා සිටින සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම ජුනි 20 ලෝක සරණාගත දිනය ලෙස නම් කර තිබේ.

ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR)කාර්යාලයට අනුව 2022 අවසන් වන විට ගෝලීය වශයෙන් සරණාගතයින් සංඛ්‍යාව මිලියන 35.3ක් ඉක්මවා ඇති අතර එය පෙර වසරට වඩා මිලියන අටකට වඩා වැඩි වීමකි.

වාර්තා වී ඇති සරණාගතයන්ගෙන් අඩකට වඩා 52%ක් පැමිණ ඇත්තේ රටවල් තුනකින් පමණි. එනම් සිරියාව (මිලියන 6.5), යුක්රේනය (මිලියන 5.7) සහ ඇෆ්ගනිස්ථානය (මිලියන 5.7)ක් වශයෙනි.

ජාත්‍යන්තර නීතියට අනුව, සරණාගතයින් යනු තම ජීවිතයට, ශාරීරික ඒකාග්‍රතාවයට හෝ නිදහසට එල්ල වන පීඩාවලින් හෝ බරපතළ තර්ජනයකින් ගැලවීමට තම මව් රටවලින් පලා යාමට බල කෙරෙන පුද්ගලයන් ය.

තුර්කිය දැනට ලොව විශාලතම සරණාගත ජනගහනයට සත්කාරකත්වය සපයන අතර මිලියන 3.6 කට ආසන්න පුද්ගලයින් එහි නවාතැන් ගෙන සිටියි. ඉරානය දෙවන වැඩිම සරණාගතයින් සංඛ්‍යාවකට නවාතැන් දී ඇති අතර එය මිලියන 3.4 ක් වේ. ජෝර්දානය තෙවන ස්ථානයේ රැදී සිටින අතර එහි මිලියන 3 ක සරණාගතයන් ප්‍රමාණයක් රැඳීසිටියි.

මෙලෙස සරණාගතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත්, ඔවුන් නැවත පදිංචි කිරීමත්, මේ වන විට සමස්ත ලෝකයටම බලවත් ගැටලුවක් බවට පත්ව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි