×

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට ලොව ලොකුම ධනවතා සිය වත්කමින් 8%ක් ලබා දෙයි.

ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් බිලියන 10 ක් ලබාදීමට පොරොන්දු වී තිබේ.


ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් බිලියන 10 ක් ලබාදීමට පොරොන්දු වී තිබේ.

ලොව ධනවත්ම මිනිසා වන බෙසොස් පැවසුවේ මෙම මුදල් දේශගුණික විපර්‍යාස වලට එරෙහිව සටන් කරන විද්‍යාඥයින්, ක්‍රියාකාරීන් සහ වෙනත් කණ්ඩායම් වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවයි.

“දන්නා මාර්ග පුළුල් කිරීමට සහ දේශගුණික විපර්යාසයේ විනාශකාරී බලපෑමට එරෙහිව සටන් කිරීමේ නව ක්‍රම ගවේෂණය කිරීමට මට අනෙක් අය සමඟ වැඩ කිරීමට අවශ්‍යයි.” ඔහු පවසා ඇත. මේ පිලිබදව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලියා ඇති බෙසොස් මහතා කියා සිටියේ මෙම ගිම්හානයේදී අරමුදල මුදල් බෙදා හැරීම ආරම්භ කරන බවයි.

බෙසොස් මහතාගේ ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 130 ට වඩා වැඩිය, එබැවින් ඔහු පොරොන්දු වී අති මුදල ඔහුගේ ධනයෙන් 8% ක් පමණ නියෝජනය කරයි.

සමහර ඇමසන් සේවකයින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා තවත් බොහෝ දේ කරන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. පාගමන් දියත් කරමින් සමහර කාර්ය මණ්ඩලය මේ පිලිබදව ප්‍රසිද්ධියේ කතා කර ඇත.

එසේම, බෙසොස් මහතා බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ වැඩසටහනට මුදල් සපයන අතර බොහෝ දෙනා එහි කාබන් පියසටහන විවේචනය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි