×

යුක්රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

සෙලෙන්ස්කි මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ කර තිබුණේ මෙය යුධ අපරාදයක් වන බවයි.


ඊයේ(05)දිනයේදී රුසියානු හමුදා විසින් ඊසානදිග යුක්රේනයේ Kharkiv ප්‍රදේශයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ කර තිබුණේ මෙය යුධ අපරාදයක් වන බවයි.

රුසියාවේ මෙම ප්‍රහාරයෙන් ජීවිතහානි කිසිවක් වාර්තා නොවන අතර මියගිය හා තුවාල ලැබූවන්ගේ වාර්තාවන් එහි වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් යුක්රේන ආරක්ෂක අංශ විසින් පසුගියදා රුසියානු හමුදා සඳහා ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි සිග් නම් රුසියානු නෞකාවක් ඩ්‍රෝන යානයක් මඟින් සාර්ථකව පුපුරවා හරින ලද බව අනාවරණය කිරීමත් සමඟ මෙම ප්‍රහාරය රුසියාව විසින් දියත් කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි