ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ ප්‍රදේශයට අද (19)දින දේශීය වේලාවෙන් සවස 3ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා විය. ඒ නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.
ජපානයේ කාලගුණ ඒජන්සිය විසින් භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ඈතින් වාර්තා වූ බව නිවේදනය කර ඇත. මෙම භූ කම්පනයේ තීව්‍රතාවය විවිධ නගර වලට බලපා ඇත්තේ විවිධ අගයන්ගෙනී.
විපතට පත් වූවන්ට සහන සැලසීමට රජය විසින් කාර්ය සාධන බලකායක් පිහිටුවා ඇත. එමඟින් හානියේ ප්‍රමාණය වහා තක්සේරු කිරීමටත්, මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමටත්, ආපදාවලට එරෙහිව හදිසි පියවර ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙසත් අගමැති ෆුමියෝ කිෂිඩා උපදෙස් ලබා දී ඇති බව නිවේදනය කර තිබේ.
සිදුවූ භු කම්පනයෙන් විශාල හානියක් මෙතෙක් වාර්තා වී නොමැති අතර ෂිකා න්‍යෂ්ටික බලාගාරය හා ඒ අවට කිසිදු හානියක් වූ බවට වාර්තා නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_