×

ට්‍රම්ප්ට කුමකින් කුමක් වේද? ඇමරිකාවේ ජනපති කවුද? ජනාධිපතිවරණයේදී සිදුවන්නේ කුමක්ද?

ඇමරිකානු ජනාධිපතිවරයා කොවිඩ් තත්වය හේතුවෙන් රෝහල්ගත කිරීමත් සමග ඇමරිකාවේ සහ ඇමරිකානු ජනාධිපතිවරණයේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් බරපතළ කාරණා කිහිපයක් කරළියට පැමිණ තිබේ.


ට්‍රම්ප් අයෝග්‍යභාවයට පත්වුවහොත් කුමක් සිදුවේ ද?

මෙහිදී අයෝග්‍යභාවය (incapsitation) යන්නෙන් අදහස් කරන්නේ ජනපතිවරයා යම්කිසි තත්වයක් හේතුවෙන් අබල තැනැත්තෙකු බවට පත් වීමයි. මේ වන විට ට්‍රම්ප් පත්ව සිටින්නේ එවැනි තත්වයකට ය.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25වැනි සංශෝධනයට අනුව, ජනාධිපතිවරයා හෝ කැබිනට් අමාත්‍යවරු 8 දෙනෙක් එක්ව, කොන්ග්‍රසයේ ද සහය සමග උප ජනාධිපතිට – මේ අවස්ථාවේ දී මයික් පෙන්ස්ට – වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරන්නට ඉල්ලා සිටීමට පිළිවන.

1967දී ජෝන් F. කෙනඩි ගේ ඝාතනයෙන් පසුව, 25වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත්, මිය ගිය හොත් හෝ දෝෂාභියෝගයකින් ඉවත් කළ හොත් ජනාධිපති ධූරය හිමිවන අන්දම පිළිබද එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ අපැහැදිලි තැනක් පැහැදිලි කළේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ජීවතුන් අතර සිට එහෙත් සන්නිවේදනය කළ නොහැකි මට්ටමක සිටිය හොත් කුමක් වේ ද? ව්‍යවස්ථා සංශෝධනයේ සිවුවැනි වගන්තියට අනුව, එවිට ජනාධිපතිවරයාට සුව වන තුරු උප ජනධිපතිවරයා වැඩ බැලිය යුතු වේ.

පෙන්ස් ද බලයට පැමිණීමට අපොහොසත් වුවහොත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයා, – මේ අවස්ථාවේ දී නම් කැලිෆෝනියානු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ග්‍රස් සභික නැන්සි පෙලෝසි – බලයට පත්වනු ඇත. එක්සත් ජනපද කොන්ග්‍රසයේ, මන්ත්‍රී මණ්ඩලය ඩිමොක්‍රටික්වරුන් විසින් පාලනය කරනු ලබන අතර සෙනෙට් සභාව රිපබ්ලිකන්වරු පාලනය කරති.

ඡන්දයේ දී සහ ඉන් පසුව කුමක් සිදුවේ ද?

නිල ඡන්ද දිනය වන නොවැම්බර් 3 වැනි දිනට පෙර පටන් ඇතැම් ඇමරිකානුවන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. මේ කණ්ඩායමට විදෙස්ගතව සිටින ඇමරිකානුවන් සහ කලින් ඡන්දය දීම වලංගු කර ඇති ජනපද අයත් වේ.

ඡන්දයෙන් පසු, වර්තමාන ජනාධිපති ධූර කාලයේ දී ම සිටිය දී, තෝරාගන්නා ලද ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් පත්කරන දිනය වන මීළග ජනවාරි 20 වැනි දිනට පෙර මිය ගිය හොත් කුමක් වේ ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයට අනුව උප ජනාධිපතිවරයා එම ජනාධිපති ධූරයට පත්වනු ඇත. ජනවාරි 20 වැනි දින කවුරුන් විසින් තෝරා ගන්නා ලද ජනාධිපතිවරයා පත්කරනු ලබයි ද යන්න සාකච්ඡා මගින් හෝ ජනපද, පක්ෂ, ඡන්ද කොට්ටාශ හෝ අධිකරණ මට්ටමෙන් පවත්වනු ලබන නිලවරණයකදී පත් කර ගනු ලැබෙනු ඇති.

මිය යාම හෝ පූර්ණකාලීනව අයෝග්‍යතාවට පත්වීමේ සිද්ධියක් ඡන්දයට පෙර සිදු වේ නම්, එක්සත් ජනපදය පෙර අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් කරා ගමන් කරනු ඇත.

එක්සත් රාජධානිය වැනි ඇතැම් රටවල් මෙන් නොව, ඇමරිකාවේදී එක් තැනැත්තකුට ඡන්දය ප්‍රකාශ කරන අතර ඔවුහු පක්ෂයට ඡන්දය ප්‍රකාශ නො කරති. උදාහරණයක් ලෙස මේ අවස්ථාවේ දී, ට්‍රම්ප්ට ඡන්දය නොදී පෙන්ස්ට අවස්ථාව දුන හොත්, ඔහුට ඡන්දය දීමට කැමැති රිපබ්ලිකන්වරුන් හෝ ස්වාධීන ඡන්ද දායකයන් සිටීමට පිළිවන.

එමනිසා, පෙන්ස් කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණ අපේක්ෂකයා තොරා ගන්නා අවස්ථාවේ ඊට ඉදිරිපත් නොවූ හෙයින් ඡන්ද පත්‍රිකාවෙන් ට්‍රම්ප් ගේ නම මේ මොහොතේ ඉවත් කිරීම අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී වේ.

මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් වන්නේ, එක්සත් ජනපදය මේ කිනම් අවස්ථාවක හෝ මේ වන විට නොමැති බවත්, අප එක්සත් ජනපද දේශපාලනය පිළිබද න්‍යායික කාර්‍යපටිපාටිය මේ ලිපියෙන් සාකච්ඡා කරන බවත් ය. ජනාධිපති ට්‍රම්ප් මේ වන විට කොවිඩ් 19 ආසාදිත තත්ත්වයේ සිටිතැයි වාර්තා වූ අතර ඉදිරි දින කිහිපය තුළදී ඇමරිකාව කළ යුතු වන දෙය, මේ ලිපියේ සඳහන් දේවල් අතරින් එකක් බවට පත්වනු ඇත.

ජෝ බයිඩන් ද අසනීප තත්ත්වයට පත්වුවහොත් කුමක් වේ ද?

එ විට රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් පක්ශ දෙකින් කුමක හෝ ජාතික කමිටුව විසින් නව අපේක්ෂකයකු පත් කළ යුතු වේ. මෙහි දී බොහෝ විට උප ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති අපේක්ෂක තත්ත්වයට උසස් කෙරෙනු ඇති අතර, ජනාධිපති අපේක්ශ තෝරන මූලික ඡන්දවලට ඉදිරිපත් වූවන් ගේ ද ඉල්ලීම්වලට සවන් දීමට සිදුවනු ඇත.

ඡන්දය කල් තැබීමට හැකි ද?

ඡන්දය පැවැත්වෙන දිනය නීතියෙන් තහවුරු කර ඇති අතර, 1845 දී පටන් යුද්ධවලදී සහ විවිධ ව්‍යසනවලදී පවා ඡන්දය පවත්වා ඇත. රිපබ්ලිකන්වරු පවා ඩොනලඩ් ට්‍රම්ප් ඡන්දය කොවිඩ් 19 වසංගතය නිසා කල්තැබීමට යෝජනා කළ අවස්ථාවේ එය ප්‍රතික්ශේප කළහ.

නීතියට අනුව, සෑම අවුරුදු හතරකට ම වරක් නොවැම්බර් මාසයේ පළමු සදුදාවෙන් පසු එන අගහරුවාදා එක්සත් ජනපද ජනතාව ඡන්ද පොළට යා යුතු ය. මෙ වර ඒ දිනය උදා වන්නේ නොවැම්බර් 3 වැනිදාට ය.

එය වෙනස් කිරීමට අවශ්‍ය නම්, එය කොන්ග්‍රසය විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ කැමැත්ත සහිත ව කළ යුතු ය.

මූලාශ්‍රය –

What happens if Trump is incapacitated and how would it affect the election? – ද ගාඩියන්

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි