දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 14ක් මරුට
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් නොවේ. ඒවා බොහො විට කල්ලි හෝ මත්පැන් සමඟ සම්බන්ධ වේ.
දකුණු අප්‍රිකාවේ සොවෙටෝ නගරයේ මත්පැන් අලෙවිසැළක වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් නව දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සොවෙටෝහි පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයන් වයස අවුරුදු 19ත් 35ත් අතර පසුවන්නන් බව අනාවරණය වේ.
තුවක්කුකරුවන් ඉරිදා අලුයම ඔර්ලන්ඩෝ නැගෙනහිර ආපනශාලාවට ඇතුළු වී තරුණයින් පිරිසකට අහඹු ලෙස වෙඩි තැබා සුදු පැහැති කුඩා බස් රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් ඇත. ප්‍රහාරයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් නොවේ. ඒවා බොහො විට කල්ලි හෝ මත්පැන් සමඟ සම්බන්ධ වේ. මෙහි පොලීසිය වැඩිදුරටත් BBC වෙත පවසා තිබුණේ මෙහි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බවයි.
සශිකලා මධුෂාණී_