අන්තර්ජාතික Kenzo විලාසිතා සන්නාමයේ හිමිකරු මෙන්ම එම විලාසිතා සමාගමේ නිර්මාතෘවරයා වන්නේද ඔහුයි. අති සුඛෝපභෝගී K-3 සන්නාමය ද ඔහුගේ නිර්මාණයක්.
ප්‍රංශයේ දිනෙන් දින ඉහළ යමින් තිබෙන කොවිඩ් අවදානම නොතකා ඩිජිටල් තාක්ෂණය ද දායක කර ගනිමින් ඔහු සිය විලාසිතා දැක්ම පවත්වමින් සිටි බවයි වාර්තා වන්නේ.
මෙම ලෝ ප්‍රකට නිර්මාණකරුවා මිය යන විට 81 හැවිරිදි වියේ පසුවුණා.
පහත දැක්වෙන්නේ 1998 මාර්තු 10 වැනිදා පැරිසියේ පැවති ගිම්හාන-ශීත සෘතු විලාසිතා දැක්මේදී කෙන්සෝ සිය නිර්මාණ ඉදිරිපත් කළ අවස්ථාවක්.
කෙන්සෝ තකාඩා ලොව පුරා සංචාරය කරන්නට ප්‍රිය කළ අයෙක්. ඔහුගේ නිර්මාණවලට හැම විටම එම සංචාරයන්හීදි ඔහු සිතේ එකතු කර ගත් දීප්තිමත් වර්ණයන් සහ ජපන් ආරේ පින්තාරු එකතු කර ගැනුණා.
ලෝකයේ විවිධ සංස්කෘතීන් දීප්තිමත් පැහැයන්ගෙන් යුතු බව ඔහුගේ නිර්මාණ කලාව අපට කියා දුන්නා.
ඒ සංස්කෘතීන් එකට කලතන්නට හොඳම තැන විදිහට ඔහුට පෙනී ගිය පැරිසියේ ඔහු සදහටම නතර වුණා.
1976 වසරේදී ඔහු ප්‍රංශයේ Place des Victoire වල පළමු flagship store විලාසිතාගාරය ආරම්භ කළා. මීලග දශක 3 ම ඔහු ගත කළේ එය දියුණු කරගන්නටයි. ඔහු සඟරා පළ කළා. ඒ වගේම සුවඳ විලවුන් සන්නාමක්ද හඳුන්වා දුන්නා. 1993 අවුරුද්දේදී LVMH නමින් තමන්ගේ ව්‍යාපාර ඒකාබද්ධ කළා.
‘‘ඔව්, ඇත්තෙන්ම නිව්යෝක්, මිලාන්, පැරිසිය, ලන්ඩන්, තෝකියෝ, මේ හැම තැනකම විලාසිතා තිබෙනවා. ඒත් ප්‍රංශයේ නතර වීම අතිශය වැදගත්..‘‘ යැයි ඔහු වරක් කිව්වා.
මේ ඔහුගේ 1986 පැරිස් විලාසිතා දැක්මේ අවස්ථාවක්.
මේ, 1983 වසරේදී කෙන්සො තකාඩා.
කෙන්සෝ තකාඩා පැරිසියට ආවේ 1970 වසරේදියි. ඒ ආගමනය කුණාටුවකට සම වුණා. Jungle Jap නම් වූ ඔහුගේ පළමු විලාසිතා නිර්මාණ එකතුව සම්පූර්ණයෙන්ම ගැනුම්කරුවන් විසින් මිලදී ගත්තා.
K-3 සන්නාමය 2020 ජනවාරි මාසයේ පැරිසියේදී දොරට වඩිද්දී එහි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන ජොනතන් මැන්හෙයිම් මෙහෙම කිව්වා.
‘‘කෙන්සො තකාඩා ඇස් අදහාගත නොහැකි තරම් නිර්මාණශීලී කෙනෙක්. පෙරදිග සහ අපරදිග යා කරමින් එනම් ඔහු උපන් ජපානයත් – ජීවත් වන පැරිසියත් යා කරමින් කලාත්මක ඒ වගේම වර්ණවත් කතාන්දරයක් ලියන්නට ඔහු වෑයම් කළා..‘‘
‘‘ඔහු ජීවත් වීමේ කලාවේ සාරයයි‘‘
නමුත් අවසානයේ ප්‍රංශය වෙළාගෙන ඇති කොවිඩ්-19 වසංගතය, ජපානයෙන් පැමිණ විලාසිතා ලෝකය දිග්විජය කළ ප්‍රථමයා සහ මේ පෙර – අපර දෙදිග යා කළ මිනිසා සදහටම අපෙන් උදුරා ගත්තා.
[embedyt] https://www.youtube.com/watch?v=5DVbw7Csf9A[/embedyt]