×

ඊජිප්තුවේ දේවස්ථානයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු මරුට

අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් 45 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ. මෙම ගින්න විදුලි හේතුවෙන් ඇති වූ බව ආරංචි මාර්ග පවසයි.


ගීසා හි ඉම්බාබා අසල්වැසි කොප්ටික් අබු සිෆින් දේවස්ථානයේ 5,000 ක ජනතාවක් රැස්ව සිටියදී ගින්නක් හටගෙන ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් 45 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ. මෙම ගින්න විදුලි හේතුවෙන් ඇති වූ බව ආරංචි මාර්ග පවසයි.

ගින්න හේතුවෙන් දේවස්ථානයට ඇතුළු වන මාර්ගයක් අවහිරව තිබූ අතර,ඇති වූ තෙරපීම හේතුවෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙක් ළමයින් බව වාර්තා වේ.

ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙල් ෆාටා අල්-සිසි විසින් ටිවිට්හි සඳහන් කර තිබුණේ අනතුර හේතුවෙන් මරණයට පත් අහිංසක වින්දිතයින් හා ඔවුන්ගේ පවුල්වලට මම මගේ අවංක ශෝකය ප්‍රකාශ කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි