×

ජර්මනිය ‘තනි යායක්’ කළ ‘පෙයාස් ගෙඩිය’-හෙල්මුට් කෝල්

හෙල්මුට් කෝල් ජර්මනිය එක්සත් කළේය. යුරෝපය ද එක්සත් කළේය. ඔහු සිය මව් රට ජය බිම වෙත පදවාගෙන ගිය සිද්ධාන්තය එක්සත්භාවයම විය. ඔහු ජර්මනියේ හිටපු චාන්සලර්වරයා ය. වසර 87 ක් ආයු විඳ ජූනි 16 වැනිදා නොඑන ගමන් ගියේය.


යුද්ධය අවසන් වන විට ඔහු යන්තමින් 15 හැවිරිදි වූවා පමණි. හමු වූ පළමු ඇමරිකානුවා ඔහුට රසකැවිලි දුන්නේය. හෙල්මුට් කෝල් හැමවිටම තමන් වාසනාවන්තයෙක් බව විශ්වාස කළේය. 1984 වසරේදී ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසෙට් ගැන ඔහු කීවේ “ප්‍රමාද වූ දරු උපතක දේව කරුණාව” යනුවෙනි. දේශපාලනික අර්ථයෙන් ගත් කල පශ්චාත් යුධ ජ්රමනියෙන් බිහි වූ පළමු සත්‍ය දේශපාලනඥයා ඔහු විය.

ඔහුව නොරිස්සුම්සහගත කළ ඒ ‘කෙල්ල’ ඇන්ජෙලා මර්කෙල්, විසි ලක්ෂයක් සිරියානු සරණාගතයන්ට පුරවැසිකම සමග සිය රටේ දොර ඇර උපක්‍රමාන්විත ලෙස මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා ලෝකයේ හොඳම ‘ස්ථිර තැන්පතුව’ දැමුවාය. ඒ,එතැන් පටන් විසි වසක් ගෙවුණු තැන මේ සරණාගතයන් කිසිවෙකු තමන්ට සරණ දුන් යුරෝපය දෙස අන්තවාදී ඇසින් නොබලන බවත් සාමාන්‍ය ජර්මානුවන් ලෙස පමණක් ඔවුන් හැදී වැඩෙන බවත් සහතික ලෙසම දැන සිටින හෙයිනි.

නමුත් කෝල් සියල්ල උඩු යටිකුරු කළේය. ඔහු සියලු බාධක බුල්ඩෝසර් කළේය. ඩයිහාඩ් කොමියුනිස්ට් විරෝධීන් ව ඔහු නිරුත්තර කළේ නැගෙනහිර ජර්මානු නායක එරික් හොනෙකර් හට බටහිර ජර්මනියේ සංචාරයක් සඳහා ඇරයුම් කරමිනි. යුරෝපයට ඔහු ආසක්ත වූවා නොව යුරෝපය ඔහු වෙත ආසක්ත වූ බව කිව හැක. ප්‍රංශ ජනපති වූ ප්‍රංශුවා මිතරොන් සමග කෝල් මිතුරු කමින් යුතුව අත් අල්ලාගෙන සිටිනු ඉක්මනින්ම දැකගත හැකි විය. මෙකී සියලු පරිශ්‍රමයන් කැටයම් කෙරුණේ ඇමරිකාව සමග පැවති කේන්ද්‍රීය සහ නොසැළෙන සන්ධානය එලෙසම රැක ගනිමිනි. ජර්මන් යුද්ධයෙන් මළවුන් සැමරීම සඳහා ඔහු ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන් හට හමුදා සුසානය වෙත ඇරයුම් කළේය!! කෝල් සමීප සබඳතාවක් ඇති කර ගන්නට මැලි වුණේ මාග්‍රට් තැචර් සමග පමණි. කිසියම් හේතුවක් නිසා ඔහු ඇයව මග හැරියේය.

සිය ප්‍රියතම විල අසබඩ නිකේතනයේදී වරක් මාග්‍රට් තැචර් සමග පත්වන්නට නියමිත ව තිබූ කෙටි හමුවක් ඔහු මගහැර ගියේ තමන්ට “මගහරින්නටම බැරි වැඩක්” තිබෙන බව කියමිනි. නමුත් පසුව වීදිය දිගේ පහළට ඇවිදගෙන යන විට බ්‍රිතාන්‍ය නායිකාව දුටුවේ කැෆේ එකකට වී තඩි අයිස්ක්‍රීම් කේකයක් සමග ‘මගහරින්නට බැරි වැඩක’ නිරත වී සිටින කෝල් ය. මේ සිදුවීමෙන් පසු තැචර් සමග සබඳතා යහපත් කර ගන්නට ඔහුට කිසිදා හැකි වුණේ නැත. නමුත් ඒ ගැන ඔහු පසුතැවුණු බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. ඔහුගේ දේශපාලන කුසලතාවය කිසිදා කලින් කිව හැකි එකක් නොවීය.

ක්‍රෙම්ලිනය සම්බන්ධයෙන් ඔහු පළ කළ විශේෂ සාමාර්ථය වූයේ බල දේශපාලනය හෙවත් පවර්-පොලිටික්ස් මිස විසම්මුතිය සමග ගනුදෙනු කිරීම නොවේ. පැරණි කොමියුනිස්ට් ලෝකයට අයත් වූවෝ ඔහුව අනුකම්පා විරහිතයෙක් සහ අසාධාරණ මිනිසෙක් ලෙස දුටුවෝය. ඔහු විශ්වාස කළේ නැගෙනහිර ජර්මනියේ තිබූ අගයක් රහිත ‘මාක්’ කාසි, බටහිර ජර්මනියේ ‘ඩොයෙෂ් මාක්’වලට ‘එකට එකේ අනුපාතයකින්’ හුවමාරු කරගත යුතු බව ය! මුලින් එය අතිශය ජනප්‍රිය විය. නමුත් ඉක්මනින්ම, කිසිවෙක් නොසිතූ ලෙස සහ හෙල්මුට් කෝල් පමණක් සිතූ ලෙස නැගෙනහිර ජර්මානුවන්ගේ තරගකාරී බව සහ ඔවුන්ගේ රැකියා අපේක්ෂා හීන කර දැමුවේය. ජර්මනිය යුරෝපයේ නායකයා බවට පත් කළේ ඔහු විසිනි. නමුත් එමගින් කුළුගැන්වුණු විවාදය ඔහුට රුචි වුණේ නැත. ඔහුගෙන් පසු චාන්ලර්වරිය බවට පත්ව සිටින ඇන්ජෙලා මර්කෙල්ව ඔහු විටෙක රිස්සුවේ ද නැත. මර්කෙල් ව ඔහු හැඳින්වූයේ “දස් මේචන්” හෙවත් ‘කෙල්ල’ යනුවෙනි. “මේ කෙල්ල මගෙ යුරෝපය කමකට නැති තැනක් බවට පත් කරනවා” යැයි විටෙක ඔහු දේශපාලන උපහාසයකින් යුතුව පැවසීය.

කෙසේ නමුත් බෙදී වෙන් ව සිටිනවාට වඩා සවිමත්ව එක ධජයක් යටතේ එක්ව සිටීම බලවත් බව තරයේ ඇදහූ, එය ක්‍රියාවෙන් සනාථ කළ මේ තරබාරු ජර්මානුවා දායාද කළ උරුමය අදත් ඒ රට ජීවත් කරවයි. ඔහුව නොරිස්සුම්සහගත කළ ඒ ‘කෙල්ල’ ඇන්ජෙලා මර්කෙල්, විසි ලක්ෂයක් සිරියානු සරණාගතයන්ට පුරවැසිකම සමග සිය රටේ දොර ඇර උපක්‍රමාන්විත ලෙස මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා ලෝකයේ හොඳම ‘ස්ථිර තැන්පතුව’ දැමුවාය. ඒ,එතැන් පටන් විසි වසක් ගෙවුණු තැන මේ සරණාගතයන් කිසිවෙකු තමන්ට සරණ දුන් යුරෝපය දෙස අන්තවාදී ඇසින් නොබලන බවත් සාමාන්‍ය ජර්මානුවන් ලෙස පමණක් ඔවුන් හැදී වැඩෙන බවත් සහතික ලෙසම දැන සිටින හෙයිනි. ඒ අර්ථයෙන් ගත් කල හෙල්මුට් කෝල් යනු, ජර්මනිය මතු නොව මුළු ලෝකයම තනි යායක් කරන්නට තමන්ගේම ඉවකින් කටයුතු කළ, විසල් හදවතක් තිබූ මිනිසෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි