×

ටේසරය වෙනුවට පිස්තෝලය ඇද කළු ජාතික තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වුණත් උද්ඝෝෂණ දිගටම

ඇමරිකාවේ 20 හැවිරිදි කළු ජාතික තරුණයෙකු පොලිස් නිලධාරිනියක විසින් ඝාතනයට ලක් වීමෙන් පසු ඊයේ දිනයේ එම පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වී තිබේ.


නමුත් මිනසෝටා හි ඇති වූ කැළඹිල්ල සහ නොසන්සුන්තාවය අඩු කිරීමට මෙම ක්‍රියාව සමත් වී නැති අතර, උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වේ.

මෙම වෙඩි තැබීම සිදුකළ මිනාපොලිස් හි පොලිස් නිලධාරිනිය වෙනුවෙන් ඊයේ, එනම් ඝාතනයෙන් දෙවැනි දිනයේ පොලිස් ප්‍රධානියෙකු මාධ්‍ය වෙත කියා තිබුණේ ඇය ටේසරය වෙනුවට ‘අත්වැරදීමකින්‘ පිස්තෝලය ඇද එයින් වෙඩි තබා ඇති බවක් පෙනෙන බව‘ යි.

මිනසොටා හි බෘෘක්ලින් සෙන්ටර් නගරාධිපතිවරයා පසුව පැවසුවේ, මෙම පොලිස් නිලධාරිනිය මෙන්ම එම ප්‍රකාශය සිදුකළ පොලිස් නිලධාරියා යන දෙදෙනාම එක් දිනක් ඇතුළත ඉල්ලා අස්වූ බවයි.

ඒ සමගම මිනසොටා ජනපදයේ උද්ඝෝෂණ පෙරටත් වඩා වැඩි ජවයකින් ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකිය.

වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරිනිය 26 හැවිරිදි ය.

පසුගිය මැයි මාසයේ ගෙළ පාගා අතිශය අමානුෂික අන්දමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ව ඝාතනය කරනු ලැබුවේ ද මිනාපොලිස් පොලිසියේම ඩෙරෙක් චව්හාන් පොලිස් නිලධාරියා විසින් ය. එය ද උද්ඝෝෂණ ඇවිළී යාමට හේතුවක් වී තිබේ.

තවද මේ දිනවල ජෝර්ජ් ෆ්ලොයිඩ් නඩු විභාගය ද පැවැත්වෙමින් තිබේ.

පෙර ලිපිය

ජෝර්ජ් ෆ්ලොයිඩ් දෙවැනි ජවනිකාව – මිනසොටා හිදී පොලිසිය කළු ජාතික ඩෝන්ටේ රයිට් වෙඩි තබා ඝාතනය කරයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් දෙවන ජවනිකාව – මිනසෝටා හිදී පොලීසිය කළු ජාතික ඩොන්ටේ රයිට් වෙඩි තබා ඝාතනය කරයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි