×

දිව්‍ය ලෝකයේ වෙඩි තැබීමක් හා මරණයක්

ලෝකයක් ආදරය කරන සංස්කෘතියකට වෙඩි වැදී ඇත.


ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ බටහිර නගරයේ නාරා හි මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී අද (08)දින වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. 67 වියේ පසු වූ අබේ මහතාගේ පපුවට සහ බෙල්ලට වෙඩි තබා පැය කිහිපයකට පසු ඔහු මිය ගිය බව Nippon Hōsō Kyōkai(NHK) විකාශන ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මෙම වෙඩි තැබීම ජපන් වේලාවෙන් අද උදෑසන 11:30 ට පමණ සිදුවූ අතර ඔහුව වහාම රෝහලට ගෙන ගිය නමුත් ඔහුගෙන් කිසිදු චලනයක් දක්නට නොවූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ. වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේම 41ක් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 2012 දෙසැම්බර් සිට 2020 සැප්තැම්බර් දක්වා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු එරට දීර්ඝතම අගමැති ධුරය දැරූ පුද්ගලයා බවට පත් විය.

මෙම සිදුවීමත් හේතුවෙන් බොහෝ දෙනා කම්පාවට පත්ව තිබේ.ජපානය පිළිබඳව ඔබට මට ඇත්තේ වෙනම කියවීමකි. කෙසේ නමුත්  ජපානය යනු මනුෂ්‍යත්වයේ පාරාදීසයකි. එකිනෙකාට ගරු කිරීම හා ආචාරශීලීවන්ත වීම පිළිබඳව ඔවුනට ඇත්තේ දිගු ඉතිහාසයකි. මේ වෙඩි වැදී ඇත්තේ ලෝකයක් ආදරය කරන සංස්කෘතියකටය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි