×

දුෂණයට එරෙහිව ඉන්දියාවේ ප්ලාස්ටික් තහනම

වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 14ක් පමණ භාවිතා කරන ඉන්දියාවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට ක්‍රමවේදයක් නොමැත.


ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැලකිය යුතු පරිසර දූෂණයක් බවට පත්ව ඇත. වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 14ක් පමණ භාවිතා කරන ඉන්දියාවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට ක්‍රමවේදයක් නොමැත. එය පුළුල් ලෙස කසළ දැමීම සිදු කරයි. මේ හේතුව නිසාවෙන් ඉන්දියාව විසින් එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය තහනම් කරමින් නව නීති පනවා ඇත.

ඉන්දියාගේ වෙසෙන අධික ජනගහනයට සාපේක්ෂව වැඩිවන පරිසර දූෂණය වලක්වා ගැනීම සඳහා මෙවැනි තීරණයකට යන බව රජය විසින් නිවේදනය කර තිබේ. මෙම තහනම අත්හිටවන ලෙස ආහාර, පාන සහ පාරිභෝගික භාණ්ඩ සමාගම් (PepsiCo, Coca-Cola, India’s Parle Agro, Dabur සහ Amul යන සමාගම් ) රජයෙන් ඉල්ලීම් කළමුත් ඒවා ප්‍රතික්ෂප වී තිබේ.

පාරිභෝගිකයින්ට සහනයක් ලෙස රජය ප්ලාස්ටික් බෑග් භාවිතය නිදහස් කර ඇති නමුත් නැවත නැවත භාවිත කළ හැකි පරිදි ඝනකම වැඩි කරන ලෙස නිෂ්පාදකයින්ගෙන් සහ ආනයනකරුවන්ගෙන් ඉල්ලා තිබේ.
මේ පිළිබඳ පරිසර වේදීන් හා විද්‍යාඥයන් කියා සිටින්නේ තහනම බලාත්මක කිරීම දුෂ්කර විය හැකි බවයි. කෙසේ නමුත් රජය විසින් එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදන භාවිත කිරීම, විකිණීම සහ බෙදාහැරීම පිළිබඳ සොයා බැලීමට පාලන මැදිරි පිහිටුවා ඇති බව ද වාර්තා වේ.

ඉන්දියාවේ නගර හා වීදිවල ප්ලාස්ටික් භාණ්ඩ පිරී පවතින අතර ඒවා අවසානයේ කාණු ගංඟා සාගර අවහිර කරයි. ඇස්තමේන්තු කර ඇති පරිදි ටොන් මිලියන 100 පමණ මෙලෙස බැහැර වේ. විද්‍යාඥයින් විසින් තල්මසුන් වැනි ගැඹුරේ වාසය කරන සාගර ක්ෂීරපායීන්ගේ බඩවැල්වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර මෙය බලවත් පාරිසරික තර්ජනයක් බවට පත්ව තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි