×

නව වසර උදාවේ කැලිෆෝනියාවට ගංවතුර; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

මේ වන විට පවතින අධික සුළං ඇතුළත් දැඩි කාලගුණය, කැලිෆෝනියාවේ සහ නෙවාඩා හි 235000 පමණ පිරිසකට විදුලිය අහිමි කර ඇත.


අධික සුළං සහ වාර්තාගත වර්ෂාපතනයක් කැලිෆොනියාවට පහර දීමත් සමඟ කොසුම්නස්මො, කෙලුම්න් ගංගා සහ මෝමන් ස්ලෝ ඇතුළු ගංගා කිහිපයක් පිටාර ගැලීමට පටන් ගෙන ඇති බව සැක්‍රමෙන්ටෝ කාලගුණ සේවය වාර්තා කිරීමත් සමඟ, ප්‍රාන්තය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.


මේත් සමඟ හදිසි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරමින් පීඩාවට පත් වූවන් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කරමින් ඇති බව වාර්තා වේ. ඒ අනුව මාර්ග ජලයෙන් හා ගස් කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇති අතර සැක්‍රමෙන්ටෝ හි හදිසි කාර්ය මණ්ඩලය හා ගිනි නිවීමේ ඒජන්සිය විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කරනු ලබන බව කියැවේ.

මේ වන විට පවතින අධික සුළං ඇතුළත් දැඩි කාලගුණය, කැලිෆෝනියාවේ සහ නෙවාඩා හි 235000 පමණ පිරිසකට විදුලිය අහිමි කර ඇත. සැක්‍රමෙන්ටෝ ප්‍රාන්තයේ, සැක්‍රමෙන්ටෝ හි කාලගුණ සේවයේ ට්විටර් පණිවුඩයකට අනුව, සැක්‍රමෙන්ටෝ ප්‍රාන්තයේ පැයට සැතපුම් 55 ක් දක්වා වූ සුළං හේතුවෙන් ගස් පෙරළීම සහ සුන්බුන් සහිත මාර්ග නිසාඇති බැවින් වැසියන්ට ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස් ලබා දී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි