×

රාක්ෂ නිවාඩුවක්: Hotel Transylvania 3

තිර රචනය :Genndy Tartakovsky[1], Michael McCullers හඩ දායකත්වය :Adam Sandler Selena Gomez Kevin James David Spade Steve Buscemi Keegan-Michael Key Molly Shannon Fran Drescher Kathryn Hahn Jim Gaffigan Mel Brooks සංගීත අධ්‍යක්ෂනය :Mark Mothersbaugh සංස්කරණය :Joyce Arrastia නිෂ්පාදන ආයතනය :Sony Pictures Animation බෙදාහැරීම :Sony Pictures Releasing ප්‍රදර්ශන කාලය : 97 minutes භාෂාව : English වැය […]


තිර රචනය :Genndy Tartakovsky[1], Michael McCullers
හඩ දායකත්වය :Adam Sandler
Selena Gomez
Kevin James
David Spade
Steve Buscemi
Keegan-Michael Key
Molly Shannon
Fran Drescher
Kathryn Hahn
Jim Gaffigan
Mel Brooks
සංගීත අධ්‍යක්ෂනය :Mark Mothersbaugh
සංස්කරණය :Joyce Arrastia
නිෂ්පාදන ආයතනය :Sony Pictures Animation
බෙදාහැරීම :Sony Pictures Releasing
ප්‍රදර්ශන කාලය : 97 minutes
භාෂාව : English
වැය : ඇ.ඩො. මිලියන 80
Box office ආදායම : ඇ.ඩො.මිලියන 111.9

Marvel චිත්‍රපටයක් වන Antman and Waspද, ඩ්වේන් ජොන්සන් රඟපාන Skyscraper ද අභිබවා යමින් වාර්තාපිට වාර්තා තබමින් මේ දින වල සිනමාශාලාවල ප්‍රදර්ශනය කරෙන්නේ, Hotel Transylvania 3 චිත්‍රපටයයි. එය පසුගිය 13 වන දින ශ්‍රීලංකාවේ තිරගත වීම ආරම්භ වූ අතර බාල මහලු වෙනසක් නැතිව කවුරුත් සිනමාශාලා වෙත ඇදෙන්නේ Hotel Transylvania 3 වෙනුවෙන්.

Hotel Transylvania 3 ගෙන්ඩි ටර්ටකොව්ස්කිගේ අධ්‍යක්ෂනයකි. මෙහි පලමු කොටස හෙවත් Hotel Transylvania 1 2012 වසරේදීද දෙවැන්න 2015 wවසරේද තිරගත වුනි. Hotel Transylvania 1 සදහා IMdB දර්ශකය 7.1/10ක් ලෙසද Hotel Transylvania 2 සදහා 6.7/10ක් ලෙසද දැක්වුනද තිරගතවී ආරම්භ වී දෙවන සතිය
වන විටම Hotel Transylvania 3 6.4/10ක් ලබාගෙන ඇත. එය සැබවින්ම ජයග්‍රහනයකි.

පලමු දෙවන චිත්‍රපට 2 හි මෙන්ම Hotel Transylvania 3 ද ගෙතෙන්නේ 1897 වසරේ ජීවත් වූ ඩ්‍රැකියුලාවෙක් හා ඔහුගේ පවුල වටායි. මාවිස් ඩ්‍රැක්යුලාගේ දියණියයි, Hotel Transylvania 1 දිවෙන්නේ මාවිස් සිය මනුශ්‍ය පෙම්වතාව (ජොනී) සොයාගැනීම හා ඔහුට තම ඩ්‍රැකියුලා පියාගේ කැමත්ත ලබාගන්නා අයුර ගැනයි. Hotel Transylvania 2 චිත්‍රපටය මාවිස්ගේත් ජොනීගේත් පුතා (ඩෙනිස්)ව ඩ්‍රැකියුලා බලාගන්නා අකාරයයි. Hotel Transylvania 3 රාක්ෂ නිවාඩුවකි.

මාවිස් සිය පියා වෙනුවෙන් පුදුම කිරීමේ තෑග්ගක් සූදානම් කරයි. ඒ නැව් සංචාරයකි. ඇය ඉන් බලාපොරොත්තු වෙන්නේ සිය පියාට පවුලත් සමග ගත කරන්නට කාලයක් ලබාදීමටයි. ඉදින් ඩ්‍රැකියුලා පවුලත් ට්‍රාන්සල්වේනියා හෝටලයේ වෙසෙන අනෙක් රාක්ෂ සමූහයාත් Cruise ship නම් නැවේ සවාරියක් යයි. මෙම නැවේ කපිතාන් මනුෂ්‍යයෙකි(එරිකා). එරිකා සියලු රාක්ෂයන් තම නැවට ආදරෙන් පිලිගෙන ඉතා හොදින් සත්කාර සංග්‍රහ කරයි. ඩ්‍රැකියුලා මේ එරිකාට ආදරය කිරීමට පටන් ගනියි. නමුත් එරිකා තමා පෙන්වන සුන්දර මුහුණට පිටුපස අදුරු රහසක් සගවාගෙන සිටියි. ඒ ඩ්‍රැකියුලාවන් ඇතුලු සියලු රාක්ෂයන්ව විනාශ කිරීමටයි. එරිකා මේ රාක්ෂයන්ව විනාශ කරන්නට උත්සහ කරන්නේ කෙසේද යන්නක් සොයන අතරේ ඩ්‍රැකියුලා ඇය පසුපස වැටී ඇයට ආදරය අයුර කතාව පුරා දිවෙයි.

සත්තුන්ට තහනම් මේ නැවට ඩෙනිස් තම බලු පැටියා වන ටින්කල්ස්ව රැගෙන අයුර ඉතා හාස්‍යෝත්පාදක අන්දමින් පෙන්වයි. හුදෙක් එපමණක්ම නොව මුලු චිත්‍රපටයම ප්‍රහසනයක් යැයි කීම නිවැරදිය.

හාස්‍ය, ත්‍රාස්‍ය, ආදරය මෙන්ම කුතුහලයත් කැටිකොටගත් චිත්‍රපටයක් ලෙස Hotel Transylvania 3 දැක්විය හැකිය.

[embedyt] https://www.youtube.com/watch?v=Ku52zNnft8k[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි