×

ලෝකප්‍රකට බ්‍රසීලයේ ජියු ජිට්සු ශූරයාට වෙඩි.

ලෝ විවිධ බර පන්ති තුනකින් අට වතාවක් ලෝක ශූරතාව දිනා ගත් අතර එය සර්වකාලීන වාර්තාවකි.


ශූරතාව අට වතාවක් දිනාගෙන ඇති බ්‍රසීලයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ජියු ජිට්සු ශූරයෙකු වන ලියැන්ඩ්‍රෝ ලෝ, සාඕ පවුලෝ හි රාත්‍රී සමාජ ශාලාවක සිටියදී හිසට වෙඩිතබා ඇත. 33 හැවිරිදි ලෝ හට මෙලෙස වෙඩිතබා ඇත්තේ රාජකාරියෙන් බැහැර පොලිස් නිලධාරියෙකු විසින් බවත් ඔහු දැන් පලා ගොස් ඇති බව පොලිසිය පවසා තිබේ.

ලෝ රෝහලට ගෙන ගිය අතර පැය කිහිපයකට පසු ඔහුගේ මොළය මිය ගිය බව ප්‍රකාශ විය. දකුණේ ක්‍රීඩා සහ සමාජ සමාජයක් වන ක්ලබ් සිරියෝ හි මිතුරන් සමඟ පිටත්ව යන අතරතුර රාජකාරියෙන් බැහැර පොලිස් නිලධාරියෙකු ඔහු වෙත පැමිණ තර්ජනය කර මෙලෙස වෙඩි තැබී බව ඇසින් දුටු සාක්ෂි කරුවන් පවසා ඇත.

මිනීමැරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ලෝ විවිධ බර පන්ති තුනකින් අට වතාවක් ලෝක ශූරතාව දිනා ගත් අතර එය සර්වකාලීන වාර්තාවකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි