×

වඳුරු උණ ඉන්දියාවට ඇතුළු වේ. දැනට ආසාදිතයන් හතර දෙනෙකු හඳුනා ගැනේ.

ඊයේ (24) දිනයේ දිල්ලි වලින් හමු වූ 31 හැවිරිදි ආසාධිත පුද්ගලයා කිසිදු විදෙස් රටක සංචාරය නොකළ අයෙකු බව අනාවරණය වේ.


මේ වන විට ඉන්දියාවෙන් වඳුරු උණ ආසාධිතයන් හතර දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කේරළයෙන් ආසාධිතයන් තිදෙනෙකු හා දිල්ලි වලින් එක් ආසාධිතයෙකු මෙලෙස හඳුනා ගෙන ඇත. ඊයේ (24) දිනයේ දිල්ලි වලින් හමු වූ 31 හැවිරිදි ආසාධිත පුද්ගලයා කිසිදු විදෙස් රටක සංචාරය නොකළ අයෙකු බව අනාවරණය වේ.

මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල හඳුනාගනු ලැබූ වඳුරු උණ රෝගය මහාද්වීපයෙන් ඔබ්බට විශාල පිපිරීම් ඇති කරනු ලැබුවේ පසුගිය මැයි මාසයේ ය. මේ වන විට යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ආසියාවෙන් ද ආසාධිත රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙමින් ඇත.

වඳුරු උණ වසංගතය මේ වන විට රටවල් 74ක පමණ හඳුනාගෙන ඇති අතර ආසාධිත පුද්ගයන් සංඛ්‍යාව 17000 ඉක්මවන ලද බව කියැවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)විසින් මෙම තත්වය ලෝක හදිසි තත්වයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි