×

සුන්බුන් අතර ජීවිත සොයන පාකිස්ථානුවන් ;මෝසම් වර්ෂාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 437 ඉක්මවයි.

මිනිසුන් දණහිසට ගැඹුරු ජලයේ සිරවී රජයේ ආධාර සොයමින් සිටින බවයි. අතර දේශගුණික විපර්යාස හේතුවෙන් රටේ වියළි ප්‍රදේශ පවා ගංවතුරෙන් පීඩා විඳිමින් සිටියි අතර ගංවතුරෙන් ගිලී ගිය ගම්මාන වෙත ප්‍රවේශ වීමට මාර්ග පද්ධතියක් නොමැති බැවින් ඒවාගේ සිරවී සිටින ප්‍රජාව වෙනුවෙන් ගුවන් ආධාර යැවීම අපේක්ෂා කරයි.


අධික මෝසම් වර්ෂාව හේතුවෙන් ජුනි මස මැද භාගයේ සිට අවම වශයෙන් පුද්ගලයින් 437 දෙනෙකු මිය ගොස් දහස් ගණනක් ජනයා අවතැන්ව ඇති බව පාකිස්ථානු රජය විසින් නිවේදනය කර තිබේ. වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම්, නිවාස, පාලම් සහ මාර්ග ජලයෙන් යටවීම නිසා මේ වන විට පාකිස්ථානයේ මිලියන 220 ක ජනතාවක් අතිශය අවධානම් තත්වයකට මුහුණ දී ඇත.

මෙම වසරේ ගංවතුර හේතුවෙන් දරුණුතම බලපෑමට ලක් වූ බලුකිස්තාන් පළාතේ පමණක් පුද්ගලයින් 136 දෙනෙකු මිය ගොස් නිවාස 4,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA)විසින් නිවේදනය කර ඇත. ක්වෙටා නගරයට දකුණින් කිලෝමීටර් 480ක් (සැතපුම් 298ක්) පමණ දුරින් පිහිටි ලැස්බෙලා දිස්ත්‍රික්කය පාකිස්තානයේ දරුණුතම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කයයි.

අවතැන්ව සිටින පිරිස අතර බොහෝ දෙනා ගොවීන්ය. මේ වන විට ඔවුන්ගේ කෘෂිකාර්මික ඉඩම් විනාශව ඇති අතර සහල් සහ තිරිඟු භෝගවලට වූ හානිය හේතුවෙන් අනාගතයේදී පාකිස්ථානය ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ඇත.

විපතට පත් වූ ප්‍රදේශවල නිරීක්ෂණය වෙනුවෙන් අගමැති Shehbaz Sharif සෙනසුරාදා ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අතර විපතට පත් ජනතාවට රජයේ ආධාර ලබා දීමට ඔහු එහිදී වී ඇත. සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා කමිටුවක්ද පත් කර ඇත.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන Khalil Roonjha පැවසුවේ සිය ගණනක් මිනිසුන් දණහිසට ගැඹුරු ජලයේ සිරවී රජයේ ආධාර සොයමින් සිටින බවයි. අතර දේශගුණික විපර්යාස හේතුවෙන් රටේ වියළි ප්‍රදේශ පවා ගංවතුරෙන් පීඩා විඳිමින් සිටියි අතර ගංවතුරෙන් ගිලී ගිය ගම්මාන වෙත ප්‍රවේශ වීමට මාර්ග පද්ධතියක් නොමැති බැවින් ඒවාගේ සිරවී සිටින ප්‍රජාව වෙනුවෙන් ගුවන් ආධාර යැවිය යුතු බව ප්‍රකාශ කර තිබේ.
මේ වන විට ජල මූලාශ්‍ර විනාශව ඇති හෙයින් අපවිත්‍ර ජලය පානය කිරීමට ජනතාව පෙළඹී ඇති අතර එමඟින් ප්‍රදේශයේ වසංගත රෝග පැතිර යමින් ද පවතියි.

 

ප්‍රවීණයන් පවසන්නේ දේශගුණික අර්බුදය මෝසම් වර්ෂාව වඩාත් තීව්‍ර කර ඇති අතර එය පුළුල් ගංවතුර හා විනාශයක් ඇති කර ඇති බවයි. 2021 දේශගුණික විපර්යාස අවදානම් දර්ශකයට අනුව ගෝලීය කාබන් විමෝචනයෙන් සියයට 1 කට වඩා අඩු දායකත්වයක් ලබාදී තිබියදීත් දේශගුණික අර්බුදයට වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රාන්ත අතර පාකිස්තානය අටවැනි ස්ථානයට පත්ව ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි