×

‘‘උන් මගෙ දුවට දිගටම තර්ජනය කළා – පොලිසිය මොකුත්ම කළේ නෑ..‘‘ – පුළුස්සා මරා දැමූ තරුණියගේ පියා

පසුගිය වසරේ සමූහ දූෂණයට ලක් වී, ඊයේ දිනයේ සිය නඩුව සඳහා යමින් සිටියදී පුළුස්සා මරා දැමූ උන්නාවෝ ප්‍රදේශයේ තරුණියගේ පියා පවසා තිබෙන්නේ සැකකාර තරුණයෙක් දිගින් දිගටම සිය දියණියට තර්ජනය කළ නමුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකළ බවය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙක් දැනට අත්අඩංගුවේ පසුවන අතර, තවත් අයෙක් නොවැම්බර් මාසයේදී ඇප පිට නිදහස් කර තිබේ.

මිය ගිය තරුණියට තර්ජනය කර තිබෙන්නේ ඇප පිට නිදහස් වූ එම තරුණයා විසිනි.

මේ වන විට කොංග්‍රස් පක්ෂ මහලේකම් ප්‍රියංකා ගාන්ධි යනාදී දේශපාලනඥයන්ගෙන් උත්තර ප්‍රදේශ් මහ ඇමති යෝගි අදිත්‍යනාත් හට විශාල පීඩනයක් එල්ල වෙමින් ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් ඉක්මනින්ම පරීක්ෂණ සිදුකරන බව ඔහු අද දිනයේ පැවසීය.

මිය ගිය තරුණිය වන 23 හැවිරිදි ෂිවම් ත්‍රිවේදිගේ පියා India Today TV සමග පවසා තිබෙන්නේ සිය දියණියට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ බවයි.

අවසානයේ ඇය දිල්ලි රෝහලට ඇතුළත් කරන විට ඇගේ ශරීරයෙන් 90%ක්ම පිළිස්සී තිබිණි.

ඇගේ සහෝදරයා ප්‍රකාශ කරන්නේ ඇයව භූමදාන කරන බවයි. ‘‘මගෙ නංගිගෙ අළු කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. අපි ඇයව භූමදාන කරනවා..‘‘ යැයි ඔහු India Today TV සමග පැවසීය.

පෙර ලිපි
සමූහ දූෂණයට ලක් කර පුළුස්සා දැමූ තවත් ඉන්දියානු තරුණියක් මරුට

සමාජයක් ලෙස අපි අසමත්- ප්‍රියංකා ගාන්ධි

Cover Photo: Police personnel at the site in Sindpur village, Unnao district (UP), where the rape victim was set ablaze, on December 5, 2019. (Photo: PTI)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි