×

ජපානයේ ඉෂිකාවා ප්‍රදේශයට රිච්ටර් මාපක 6.5 ක ප්‍රබල භූ කම්පනයක් හා පසු කම්පන රැසක්; එක් අයෙක් මරුට

රටේ ආපදා කළමනාකරණ ඒජන්සිය අනතුරු අඟවනු ලැබුවේ අධික වර්ෂාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බවටයි.


ජපානයේ මධ්‍යම ඉෂිකාවා ප්‍රදේශයේ ඇති වූ රිච්ටර් මාපක 6.5 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මීට අමතරව ගොඩනැගිලි වලට විශාල වශයෙන් හානි සිදු වී ඇති අතර සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැත.

ප්‍රධාන භූමි කම්පාවෙන් අනතුරුව පසු කම්පන 55ක් පමණ ඇතිව ඇති වූ අතර රටේ ආපදා කළමනාකරණ ඒජන්සිය අනතුරු අඟවනු ලැබුවේ අධික වර්ෂාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බවටයි.

භු කම්පනය හේතුවෙන් ඉෂිකාවා ප්‍රාන්තයේ ටෝකියෝ සහ කනසාවා සම්බන්ධ කරන බුලට් දුම්රිය ආරක්‍ෂිත පරීක්‍ෂණ සඳහා තාවකාලිකව වසා දමා ඇති බව නැගෙනහිර ජපන් දුම්රිය සමාගම ප්‍රකාශ කර තිබේ. අප්‍රිකානු රටවල් හතරක සහ සිංගප්පූරුවේ සංචාරයකින් ආපසු පැමිණි අගමැති ෆුමියෝ කිෂිඩා ප්‍රකාශ කර තිබුණේ, භූමිකම්පාව සම්බන්ධයෙන් තම රජය ව්‍යසනයට පත් ප්‍රාන්තයේ කටයුතු කරන හදිසි සේවා නිලධාරීන් සමඟ නිරන්තර සන්නිවේදනය කරමින් අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි