×

බර්මියුඩාවට ඉහළින් නිම නොකළ පියාසැරිය

‘‘මම අහස දෙස බැලීමි. එය එතැන නොවීය.‘‘ - True Stories of Arial Hauntings by Martin Caidin කතා මාලාවේ එක් කතාවක සිංහල පරිවර්තනයයි.


ඔව්, එය පොකුණක් හරහා පැන යාමක් වැනි විය.

යුධ උපකරණ සහිත ඇස්ටෙක් යානයක් ෆ්ලොරිඩාවේ ෆෝට් ලෝඩර්ඩේල් ගුවන් තොටුපොළේ සිට බර්මියුඩාව බලා ගෙන යාමේ රාජකාරිය මවෙත පැවරී තිබිණි. මට හමුවූ මිනිස්සු සාර්ථක ගුවන් ගමනක් සඳහා මග පෙන්වූහ. අඩි හාර දහස සහ අටදහස අතරතුර, බරැති කැටි වළාකුළු හමුවිය හැකි බව මට පවසන ලදී. එසේම, යම් හෙයකින් ඊට වඩා ඉහළ උසකින් පියාසර කිරීමට මට ඇවැසි නම්, එවිට ඉතාම ප්‍රශස්ත මට්ටමේ තිබෙන වේගවත් සුළං ධාරාවන් මට හමුවනු ඇත. කදිමයි..!

එසේ වුවත් මේ පියාසැරියේදී මා අත්දුටු සත්‍ය අත්දැකීම වූ කලී, මා කිසිවිටෙක පූර්වානුමිත කළ දෙයක් නොවේ. සිදුවූයේ, මා කිසි ලෙසකින්වත් සිතා සිටි දේවල් ද නොවේ. එතුළ වූයේ යම්කිසි බාල ගතියකි. ඇල්පෙනිති තුඩක් පවා සුපැහැදිලිව දිස් වූ මේ ගමනේ යෙදී සිටින මම ස්වයං නියමුවෙක් වන්නෙමි. පියාසැරි වාර සිය ගණනක් මම සම්පූර්ණ කර ඇත්තෙමි. අහස මට ගෙදර මෙනි. සියල්ල යහපත් ලෙස සිදුවිය. මා චුම්භක කොම්පාසුව දෙස නෙත් රිදෙන තෙක්ම බැලවෙමි. එහෙත් එයින් හැඟවෙන දේ නොසිතුවෙමි.

ඔහ්… ඒ කොම්පාසුව තවමත් එහි තිබේ. නමුත් කොම්පාසුවේ සුචිය – අර භයානක දෙය අතිශය වේගයෙන් දෝලනය වෙමින් තිබිණි. එකම කලබැගෑනියක්. මා ජීවිතයෙන් සමුගෙන සිටින බව මට හැඟිණි. හරියට සිහි විසඥ තත්ත්වයක් යටතේ ජීවිතයෙන් ලිස්සා යාමක් වැන්න.

කල්පනා කරමින් සිටීමට කාලයක් නොවේ. වහාම ක්‍රියාත්මක විය යුතුය. මා පළමුවෙන්ම කළේ නියමු ආසනය හැකි තරම් පසුපසට ගැනීමයි. කැබින් කාමරය තුළ මා ධාන්‍ය ගෝනියක් මෙන් කැරකෙන්නට පටන් ගති…! කෙසේ වෙතත් මෙබඳු අවස්ථාවක වියගස කඩා ගැනීම නුවණට හුරු නොවේ. කෙළින්ම වතුරට බසින්න. ඔබේ ජීවිතාරක්ෂණය අලුත් කර න්න. ගුවන් යානයේ නටබුන් ද ඇතුළත්ව.. තේරුණාද…?

අසුන ද සමග පසුපසට ඇදී යන අතරතුර නියමු කුටියේ උපකරණය හැකි තරම් යථා තත්වයට පත් කිරීමට මට අවශ්‍ය විය. නමුත් මට එය කළ නොහැක. මම පූස් පැටවෙකු සේ දුර්වලව සිටියෙමි.

මම හිස ඔසවා අහස දෙස බැලීමි. එය එතැන නොවීය.

ඒ වෙනුවට ක්‍රීම් කහ පැහැයක් සෑම තැනම විය. වළාකුළු නැත. ජලය නැත. සිතිජයක් නැත. නිල් පැහැය නැත. ඇත්තේ පීත වර්ණයයි. මම අනන්තය වෙත ඇදී යමින් සිටින්නෙමි. ඒ කහ පැහැති නාලය තුළට ඇදී යාමට පෙර මා අවසන් වරට කළේ මාගේ අත් ඔරලෝසුව දෙස බැලීමයි. අත, ඊයම් බරුවක් සේ දැනුණත් වේලාව සිතේ ග්‍රහණය කර ගතිමි. ඉන්පසු ආලෝකය නිවී ගියේය. සියල්ල අඳුරු විය.

පියවි ලොවට මා පැමිණියේ පැයකට පමණ පසුව ය. හරියටම විනාඩි 59කට පසුව.. මම ඒ වන විටත් ඊශාන දිගට පියාසර කරමින් සිටියෙමි. කිසියම් මෝඩ ක්‍රියාවක් මා අතින් සිදුවී ඇතිද? දැන් හිරු නොපෙනෙයි. මා සිටියේ ඊශාන දිග අහසේ ය. ඔව්, එය නිවැරදි ය. නමුත් ඒ කෙසේදැයි මම නොදත්තෙමි. රෝගී බවක් දැනුණ ද, මුළු සිරුරම වියැළී ඇති බවක් මට දැනෙයි. දැන් හාත්පස ආලෝකමත් ය. මම පාලන කුටිය අමතා සිදුවූ දේ කීවෙමි. මා දැන් සිටින්නේ කුමන දීපංකරයකදැයි ඔවුන්ගෙන් විමසා සිටියෙමි.

ඔවුන් කී දෙය මම මුලින් විශ්වාස නොකළෙමි. මට එය විශ්වාස කළ හැකිද? මා සිටියේ අඩි හත් දහසක් ඉහළ අහසේ ය.!

හරියටම පැයකට පෙර මා සිටි තැනම… මේ ශාලපත් යානය දැන් පියාසර කරන්නේ ගොඩබිම් වේග 180 කිනි. එයට අනුව ගතවූ පැයේදී යානය සැතපුම් හත්සියයක් පසු කර තිබිය යුතුය. මෙය සිදුවිය හැකි දෙයක්ද? නමුත් එය සිදුවී තිබිණි. යානය බටහිරට හැරවූ මම වර්ජිනියාවට ගොඩ බැස්සෙමි.

මෙම සිද්ධියෙන් වසර කිහිපයක ඇවෑවෙමන් ජෝන් හෝක්, මියාමි සිට බර්මියුඩාව දක්වා රෙයිලි ඩව් ගුවන් යානක් පියාසර කරවමින් සිටියදී නැවත වරක් අසාමාන්‍ය දෙයක් සිදුවිය. කිසිවෙකු මේ සිදුවීමේදී අතුරුදන් නොවුණත්, නැවත ද වරක් සිතිජය අතුරුදන්ව ගොස් තිබුණේය. සාගරය ද එලෙසින්ම නොපෙනී ගොස් තිබුණේය. යානය නැවත වරක් කහ පැහැති මීදුමක ගිලී ගොස් තිබුණේය. ඇත්තෙන්ම එය මීදුමක්දැයි හරියටම කිව නොහැකි අතර මීදුමක් වැනි දෙයක් යැයි ඔහු කියයි. ඔහු එවර දිගින් දිගටම පියාසර කළේය. දිගටම… බර්මියුඩාවට ගොඩ බෑ යුතු කාලය පැමිණ, එය ඉක්ම ගියේය. ඔවුහු තවමත් පියාසර කරමින් සිටියහ. දිගටම… ජෝන් හෝක් තවත් පැය 5 ක්ම පියාසර කළේය. පියවි ලෝකය ඔවුන් ඉදිරියේ දිස්වූයේ ඉන් අනතුරුව ය. බර්මියුඩාව ඔවුන් ඉදිරියේ දිස් වූ අතර, ඔවුහු එහිදී අතිශය සාමාන්‍ය ගොඩ බෑමක් කළහ.

බර්මියුඩාවට ගොඩ බෑ විගස ඔහු යානයේ ඉන්ධන ටැංකිය පරීක්ෂා කළේය. ලෝඩර්ඩේල් සිට පියාසැරිය සැලසුම් කරන විට ගබඩා කරගත් අමතර ඉන්ධන ප්‍රමාණයම එහි විය.!

එකම ප්‍රශ්නය වූයේ සිතා සිටියාට වඩා අමතර පැය පහක් ඔවුන්ට ගුවනේ රැඳී සිටින්නට සිදු වීමයි. නමුත් එකම එක වැඩිපුර ඉන්ධන ගැලුමක්වත් යානය විසින් පුළුස්සා දමා තිබුණේ නැත.

‘‘මේ මාරක යානය අපව වැඩිපුර පැය 5 ක් අහස පුරා ගෙන ගිය නමුත් අමතර කාලය වෙනුවෙන් එක් ඉන්ධන බිංදුවක්වත් වැය කර නැති බව මම පෞද්ගලිකව බලා සටහන් කර ගතිමි.‘‘ යැයි ජෝන් හෝක්ගේ සටහනක දැක්වේ.

මේ සම්බන්ධව කිසියම් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ හැකිදැයි අපි ජෝන් හෝක්ගෙන් විමසුවෙමු. මතක තබාගන්න. මේ මිනිසා, පෘථිවියේ සියලු මහද්වීප හා සියලු සාගර මතින්, ලෝකයේ තිබෙන සියලුම ආකාරයේ ගුවන් යානා එවකට පදවා ඇති අයෙකි. ඉතින් ඔබ සිතන්නේ, ඔහුගේ පිළිතුර කුමක් වීදැයි කියාද?

‘‘යකාට ගියාදෙන්!“

මතක තබාගන්න. කාලය පැන යනසුලු ය!

තවත් ලිපියකින් හමු වෙමු.

ප්‍රධාන ඡායාරූපය- VideoBlocks

සබැඳි ලිපි-

මේ මොහොත කියා දෙයක් නැත – අයින්ස්ටයින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි