×

හිජාබය පොරවා නිවසට වී සිටීම නිදහසද ? ඇෆ්ගන් කාන්තාවගේ අද තත්වය

2021 අගෝස්තු මාසයේදී තලෙයිබාන් පාලනය නැවත බලයට පැමිණි දා සිට මේ වන තෙක් ගැහැණු ළමයින් සහ කාන්තාවන් උසස් පාසලට හෝ විශ්ව විද්‍යාලයට පැමිණීම නවතා, උද්‍යාන, ශරීර සුවතා මධ්‍යස්ථාන සහ පොදු නාන තටාක තහනම් කර, නිවසින් පිටවන විට වසන් කරන ලෙස නියෝග කර ඇත.


ඊද් අල්-අදා නිවාඩුව සනිටුහන් කර ප්‍රකාශයක් නිකුත් කරමින් තලෙයිබාන් නායක හයිබතුල්ලා අකුන්සාඩා ප්‍රකාශ කර තිබුණේ, ඇෆ්ගන් කාන්තාවට සුවපහසු සහ සමෘද්ධිමත් ජීවිතයක් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

නිදහස් සහ ගෞරවාන්විත මනුෂ්‍යයෙකු ලෙස කාන්තාවන්ගේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරමින් විවාහය, උරුමය සහ අනෙකුත් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා කාන්තාවන්ට උපකාර කිරීමට සියලුම ආයතන බැඳී සිටීන බව ප්‍රකාශ කරමින් තලෙයිබාන් නායකයා අනෙකුත් රටවලින් ඉල්ලා තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නවත්වන ලෙසයි.

තලෙයිබාන් නායකයාගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සීමා පැනවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කාබුල් වෙත අනතුරු ඇඟවීමෙන් දින කිහිපයකට පසුවය.

මෙහිදී කාන්තාවන් හා ගැහැණු ළමුන් වෙන්වෙන් තලෙයිබාන් සංවිධානය පනවා ඇති නියෝගයන් ඔවුන් විසින්ම නිර්මාණය කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක වන තාක් කල්, ඔවුන්ගේ රජය ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයින් විසින් නොපිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ නියෝජිත Roza Otunbayeva ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලයේ (UNAMA)දී ප්‍රකාශ කර තිබිණි.

2021 අගෝස්තු මාසයේදී තලෙයිබාන් පාලනය නැවත බලයට පැමිණි දා සිට මේ වන තෙක් ගැහැණු ළමයින් සහ කාන්තාවන් උසස් පාසලට හෝ විශ්ව විද්‍යාලයට පැමිණීම නවතා, උද්‍යාන, ශරීර සුවතා මධ්‍යස්ථාන සහ පොදු නාන තටාක තහනම් කර, නිවසින් පිටවන විට වසන් කරන ලෙස නියෝග කර ඇත.

ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම ද තහනම් කර ඇති අතර, බොහෝ කාන්තා රාජ්‍ය සේවිකාවන් ඔවුන්ගේ රැකියාවෙන් ඉවත් කර හෝ නිවසේ රැඳී සිටීමට වැටුප් ගෙවමින් සිටිති.‍

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි