×

ඇමසන් වන විනාශය අඩුවන ලකුණු

2030 වන විට වන විනාශය සම්පූර්ණයෙන්ම නවතා දමන බවට ලූලාගේ රජය පොරොන්දු වී ඇත.


ලෝකයටම හුස්ම සපයන පෙනහළු වශයෙන් හඳුන්වන ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වැසි වනාන්තරය ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ පාලනයත් සමඟ කෙමෙන් කෙමෙන් සුරක්ෂිත වන බවට බලාපොරොත්තු තැබිය හැකි බව වාර්තා වේ.

රසීලයේ ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (ඉන්පේ) විසින් නිකුත්කරන ලද නව ඡායාරූපවලට අනුව නව ජනාධිපතිවරයා බලයට පත්වී ගතවූ මාස 6ක පමණ කාලය තුළ ඇමසන් වන විනාශය 33.6% කින් පහත වැටී ඇති බව බ්‍රසීල රජය ප්‍රකාශ කර ති‌බේ.


බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජනාධිපති බොල්සොනාරෝ යටතේ පසුගිය වසරේ එම මාස හය තුළ පමණක් වර්ග කිලෝමීටර් 3,988 ක් විනාශව තිබූ අතර එය මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා වාර්තා වී ඇත්තේ කිලෝමීටර් 2,649 ක් වශයෙනි. කෙසේ නමුත්, ලූලාගේ රජය තුළ සිදුව ඇති වන විනාශයේ තරම නිව්යෝර්ක් නගරය මෙන් තුන් ගුණයකටත් වඩා විශාල බව කියැවේ. පසුගිය ජූනි මාසයේ පමණක්, ඇමේසන් හි ලැව්ගිනි 3,075ක් චන්ද්‍රිකා නිරීක්ෂණ මගින් සොයාගනු ලැබූ අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අගයයි.

2030 වන විට වන විනාශය සම්පූර්ණයෙන්ම නවතා දමන බවට ලූලාගේ රජය පොරොන්දු වී ඇති අතර ඇමසන් වැසි වනාන්තරය දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක සාධකයකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි