×

ඊජිප්තුව තුළ ඉන්දියාවේ ආයෝජනය වැඩි කිරීමට මෝදි ඊජිප්තුවේ සංචාරයක

කයිරෝව ඉන්දියාව සඳහා යුරෝපයේ සහ අප්‍රිකාවේ ප්‍රධාන වෙලඳපොලවල් සඳහා දොරටුවක් විය හැක'


ඉන්දියාව හා ඊජිප්තුව අතර ආර්ථික සහයෝගීතාව තීව්‍ර කරගැනීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි දෙදින සංචාරයක් වෙනුවෙන් ඊජිප්තුවට ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රධාන වශයෙන් මෙම සංචාරය මඟින් උතුරු අප්‍රිකානු රට තුළ ඉන්දීය ආයෝජනය වැඩි කිරීමට අපේක්ෂා කරන අතර BRICS ආර්ථික කන්ඩායම වෙත ඊජිප්තුවට ප්‍රවේශ වීම අරමුණු කර ගෙන තිබේ.

ඉන්දියාවේ 74 වැනි ජනරජ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ඊජිප්තු ජනාධිපති Abdel Fattah el-Sisi ජනවාරි නවදිල්ලියට ගොස් මාස කිහිපයකට පසුව මෙලෙස මොදිගේ පැමිණිම සිදු වූ අතර විශ්ලේෂකයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ එළැඹෙන සැප්තැම්බරයේ නවදිල්ලිහි පැවැත්වීමට නියමිත G20 රැස්වීම පැවැත්වීමට සූදානම් වන විට ගෝලීය දකුණේ හඬක් ලෙස එහි ස්ථාවරය තහවුරු කර ගැනීමට දරන උත්සහයක් වශයෙනි.

ඊජිප්තුවේ ආර්ථිකය පසුගිය වසර කිහිපය තුළ කොවිඩ් වසංගතය හා යුක්රේන යුද්ධය හේතුවෙන් කැළඹිලි සහගත තත්වයකට මුහුණ දිනි.

ඊජිප්තුවේ ධන්‍ය සැපයුමෙන් 80%ක් පමණ යුක්රේයෙන් ආනයනය කළ බැවින් ඊජිප්තුවේ ධාන්‍ය අපනයට මෙය බරපතල තර්ජනයක් විය. 2022 දී, තිරිඟු අපනයනය සඳහා සීමාවන් පනවා තිබියදීත්, ඉන්දියාව විසින් ධාන්‍ය මෙට්‍රික් ටොන් 61,500ක් නැව්ගත කරන ලදි. එමෙන්ම යුක්රේන යුද්ධය ඊජිප්තුවේ විදේශ විනිමය සංචිතයන්ටද විශාල බලපෑමක් කිරීමට සමත් වූ අතර මුදලේ අගයද අඩකින් බාල විය.

මේ හේතූන් නිසාවෙන් ඊජිප්තුව ඉන්දීය ආයොජනයන් අපේක්ෂා කරන අතර කයිරෝ සමඟ සම්බන්ධ වීම ඉන්දියාවටද උපාය මාර්ගික වශයෙන් වැදගත් වන අතර MENA හි වඩාත්ම ජනාකීර්ණ රට වන ඊජිප්තුව ගෝලීය වෙළඳාමෙන් සියයට 12 ක් සූවස් ඇළ හරහා ගමන් කරයි.

මේ අනුව විශ්ලේෂකයන් පවසන්නේ කයිරෝව ඉන්දියාව සඳහා යුරෝපයේ සහ අප්‍රිකාවේ ප්‍රධාන වෙලඳපොලවල් සඳහා දොරටුවක් විය හැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි