×

පකිස්ථානයේ හිම කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙක් මරුට

2022 ගිම්හානයේදී රට හදිසි ගංවතුරකට මුහුණ දුන් අතර එමඟින් පුද්ගලයින් 1,700 කට වැඩි පිරිසක් මිය ගොස් මිලියන 33ක් අවතැන් විය.


උතුරු පකිස්ථානයේ ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳුකර ප්‍රදේශයක් තරණය කිරීමේදී සංචාරක ගෝත්‍රික සාමාජිකයින්ට හිම කුණාටුවක් වැදීමෙන් කාන්තාවන් හා දරුවන්ද ඇතුළු 11 දෙනෙක් මිය ගොස් කුඩා දරුවෙකු ඇතුළු තුවාල ලැබූ 13 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පාකිස්ථානයේ ආපදා කළමනාකරණ ඒජන්සිය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි සියාරත් අලි ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට වාර්තා කර තිබුණේ, එළු රංචුව අසාද් කාශ්මීරයේ කෙල් ප්‍රදේශයේ සිට ඇස්ටෝර් වෙත පයින් රැගෙන යමින් සිටියදී හිමිදිරි උදෑසන හිම කුණාටුව මෙම සංචාරක පිරිස මුහුණ දී ඇති බවයි.

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ අවදානම් රටවල් 10 අතර පාකිසිථානයද වන අතර එහි මෑත වසරවලදී ග්ලැසියර දියවීම හේතුවෙන් හිම කුණාටු සහ හිම නායයෑම් නිතර දක්නට ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, උෂ්ණත්වය ඉහළ යාම පාකිස්තානයේ උතුරු කඳු පන්තියේ ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2022 ගිම්හානයේදී රට හදිසි ගංවතුරකට මුහුණ දුන් අතර එමඟින් පුද්ගලයින් 1,700 කට වැඩි පිරිසක් මිය ගොස් මිලියන 33ක් අවතැන් විය.

පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ, දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලින් ආර්ථික අභියෝගවලට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් බේරා ගැනීමේ වගකීම ඉටු කරන ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි