×

බ්‍රසීලයේ සිවිල් කලබල මඬින්න හමුදාව යෙදවේ – මගී බස් රථවලටත් හමුදා ආරක්ෂාව

බ්‍රසීලයේ 5 වැනුවට විශාලතම නගරය වන වෙරළබඩ ෆෝර්ටොලිසා හි කලබලකාරී තත්වයක් හටගෙන ඇති අතර, එය මර්දනය කිරීම සඳහා බ්‍රසීල හමුදාව නොපමාව යවා ඇත.


කලහකාරී පිරිස් විසින් කඩසාප්පු මංකොල්ලකෑම් සහ ඉන්ධන පිරවුම් හල්, වාහන ආදිය ගිනි තැබීම සිදුකර ඇති අතර, ෆෝර්ටොලිසා නගරය, ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා සංචාරකයන් බෙහෙවින් ඇදී එන ස්ථානයකි.

BBC
AFP PHOTO/ O POVO/ALEX GOMES
AFP PHOTO/ O POVO/ALEX GOMES

මෙම ගැටළුව ඇතිවූ වහාම බ්‍රසීලයේ අධිකරණ ඇමතිවරයා හමුදාව යවා ඇති අතර, මෙම පියවර නව ජනපති ජයර් බොල්සොනාරෝගේ මහත් ප්‍රශංසාවට හේතු වී තිබේ.

සැකකරුවන් 50 දෙනෙක් පමණ දැනට අත්අඩංගුවට ගෙන ඇත.

මේ සමගම නගරයේ බන්ධනාගාරවල ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර රැඳවියන්ගේ ජංගම දුරකථනවල සංඥා අවහිර කිරීම ඒ අතරින් එකකි.

බ්‍රසීලය ලෝකයේ තුන්වැනුවට විශාලතම සිරකරු ජනගහනය ජීවත් වන රටයි.

EPA
මෙ තරම් විනාශයක් සිදුව තිබුණත් බලධාරීන් පැවසුවේ හමුදාව පැමිණි වහා ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ වී ඇති බවයි.| EPA

මේ අතර හමුදාව පැමිණීමෙන් පසුව නගරයේ බොහෝ කටයුතු යථා තත්වයට පත්ව තිබෙන බව බලධාරීහු පවසති. මේ වන විට බස් රථ ගමනාගමනය ද නැවත සිදුවන අතර, සෑම බස් රියකම ආයුධ සන්නද්ධ හමුදා භටයන් තිදෙනෙක් බැගින් ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ.

සිවිල් කලබලයක් මැඬලීම සඳහා හමුදා බලය යෙදවීමේ මෙම සිදුවීම වාර්තා වන්නේ 63 හැවිරිදි නව බ්‍රසීල නායකයා ධුරයේ දිවුරුම් දී දින කිහිපයක් ඇතුළත ය. ඔහු අතීතයේ හමුදා කපිතාන්වරයෙකි.

මින් ඉදිරියට බ්‍රසීලයේ ආදර්ශ පාඨය වන්නේ ආරක්ෂාව සහ දියුණුව බව ඔහු විසින් කියා තිබේ.

ප්‍රධාන ඡායාරූපය : EPA

බ්‍රසීලය ගැන පෙර ලිපි:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි