×

බ්‍රසීල ජනාධිපති ලූලා ඇමසන් පිළිබඳ සුබ සිහින දකියි

ඇමසන් යනු ලෝකයේ පෙනහළු පමණක් නොව - එය ලෝකයේ හදවත වේ


ඊයේ(08)දින පැවැති ඇමසන් සහයෝගිතා ගිවිසුම් සංවිධානයට සම්බන්ධ වෙමින් දේශගුණයට එරෙහි සටනේ ප්‍රධාන ක්‍රීඩකයෙකුවන බ්‍රසීලියානු වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ප්‍රචණ්ඩත්වය, ආර්ථික කොල්ලකෑම් සහ පාරිසරික විනාශයන්ගෙන් ඇමසන් ඉවත් කර නව ඇමසන් සිහිනයක් පිළිබඳව ප්‍රතිඥාවක් ඉදිරිපත් කර තිබිණි.

බ්‍රසීලියානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, ඔහුගේ පූර්වගාමියා වූ ජායිර් බොල්සොනාරෝ යටතේ සිදු වූ පාරිසරික හානිය හා වන විනාශය මේ වන විට 60%කින් අඩුවී ඇති බවත් ඇමසන් වැසි වනාන්තරය රැක ගැනීම පාරිසරික ආරක්ෂණයත්, තාක්ෂණික නවොත්පාදනයත් සමඟ සිදු කිරීමට තමා සැලසුම් කරන බවයි.

සමුළුව සඳහා සෙසු ඇමසන් රාජ්‍යයන් වන බොලිවියාව, කොලොම්බියාව සහ පේරු හි ජනාධිපතිවරුන් මෙන්ම ගයනාවේ අගමැති සහ වෙනිසියුලාවේ උප ජනාධිපති ද ඇතුළත් වූ අතර මෙහිදී 2030 වන විට වනාන්තර විනාශය ශුන්‍ය කිරීමට ඔවුන් ප්‍රතිඥා දෙනු ලැබීය.

මෙහිදී ඇමසන් වනාන්තරයෙන් 11% ක පමණ කලාපයක් හිමි පේරු හි ජනාධිපති ඩිනා බොලුආර්ටේ ප්‍රකාශ කර තිබුණේ ඇමසන් යනු ලෝකයේ පෙනහළු පමණක් නොව – එය ලෝකයේ හදවතවන බවත් දැන් බලා සිටීමට කාලයක් නොමැති බවත් වහාම ක්‍රියාත්මක වීම ඇරඹිය යුතු බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි