×

කැනඩාවේ ලැව්ගිනි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගමැති ඩැනියෙල් ස්මිත් ලැව්ගිනි 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දීමත් සමඟ ප්‍රකාශ කර තිබුණේ පෙර නොවූ විරූ තත්වයකට සිය රට මුහුණ දී ඇති බවයි.


කැනඩාවේ ඇල්බර්ටා පළාතේ ලැව් ගිනි සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

පළාත පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 25,000කට ආසන්න පිරිසක් සිය පදිංචි ස්ථාන වලින් ඉවත් කර ඇති අතර අගමැති ඩැනියෙල් ස්මිත් ලැව්ගිනි 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දීමත් සමඟ ප්‍රකාශ කර තිබුණේ පෙර නොවූ විරූ තත්වයකට සිය රට මුහුණ දී ඇති බවයි.

එඩ්සන්ඩ්‍රේටන් නිම්නය, ෆොක්ස් ලේක් ආදී කලාප අධි අවදානම් තත්වයේ පවතින අතර එම ප්‍රදේශ වලින්ද පුද්ගලයන් ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බව කියුවේ.
මේ වන විට හෙක්ටයාර් 122,000 (අක්කර 301,000) පමණ ගිනිගෙන ඇති අතර දැඩි සුළං හේතුවෙන් පැතිර යන බොහෝ ලැව්ගිනි පාලනය කරගත නොහැකි තත්වයක පවන අතර ගිනි නිවීම වෙනුවෙන් ඔටාවා ෆෙඩරල් රජය විසින් හෙලිකොප්ටර් ආදිය ලබා දී තිබේ.

ඇල්බර්ටා යනු ප්‍රධාන තෙල් නිෂ්පාදනය කරන කලාපයක් වන නමුත් මේ දක්වා තෙල් සම්බන්ධයෙන් කිසිදු අනතරු ඇඟවීමක් සිදුව නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි